අගමැති නවදිල්ලියට ළඟා වෙයි | දිනමිණ

අගමැති නවදිල්ලියට ළඟා වෙයි

 ඉන්දීය නිල සංචාරය සඳහා සහභාගි වීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (22 වන දා) දහවල් ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් නවදිල්ලි නුවරට ළඟා විය.

නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ දී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය පිළිගනු ලැබූයේ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රධාන සන්ධාන නිලධාරී සංජේ වර්මා (Mr. Sanjay Verma) සහ නියෝජ්‍ය සන්ධාන නිලධාරී අභිෂේක් ශුක්ලා (Mr. Abhishek Shukla) යන මහත්වරුන් විසිනි. ඉන්දියාවේ ශ්‍රි ලංකා මහකොමසාරිස් චිත්‍රාගනී වගීෂ්වර මහත්මිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් ශ්‍රී තරංජිත් සිං සංධු (Mr. Taranjit Singh Sandhu) මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සිට විශේෂ ආරක්ෂ ක රැකවල් මධ්‍යයේ රිය පෙරහැරකින් නවදිල්ලි නුවර තාජ් පැලස් හෝටලය වෙත පැමිණි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය නවදිල්ලි නුවර ශ්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ කාර්ය මණ්ඩලය, තාජ් පැලස් කළමනාකාරීත්වය, ෂෙනාල්යාර ෆොන්සේකා දියණිය සහ කවිඳු රණවක පුතණුවන් විසින් පිළිගන්නා ලදී. ඉන්දීය අගමැති ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු ඉන්දීය රාජ්‍ය නායකයින් සමග සාකච්ඡාවනට එක් වන වික්‍රමසිංහ මහතා හෙට (23 වන දා) නවදිල්ලියේ එරොසිටි හි දී ඉන්දීය අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඇරඹෙන 5 වන ලෝක සයිබර් අවකාශ සමුළුවේ සමාරම්භක උත්සවයට ද සහභාගී වනු ඇත. 

නව අදහස දක්වන්න