රජය රැකියා ලක්ෂ4ක් දීලා | දිනමිණ

රජය රැකියා ලක්ෂ4ක් දීලා

රෝෂන් තුෂාර, චමීර ඇල්ලදෙණිය සහ මහින්ද අලුත්ගෙදර

රජය මේ වන විට රැකියා ලක්ෂ හතරකට වඩා රැකියා බිහිකර ඇතැයිද ඉදිරි වසරදෙක ඇතුළත රැකියා දස ලක්ෂයේ ඉලක්කය සම්පූර්ණ කරන බවට අගමැතිවරයා ප්‍රකාශ කර ඇතැයිද ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (22) ප්‍රකාශ කෙළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා එසේ පැවැසීය. 2016 වන විට රාජ්‍ය හා අර්ධ රාජ්‍යයන්හි සේවා නියුක්තිය එකළොස් ලක්ෂ දහහත් දහස් අටසිය අටක් බව ද ඉන් සියයට 50.4 පුරුෂ හා සියයට 49.6 ස්ත්‍රීන් බව ද ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

සේවා නියුක්තියක් පිළිබඳ එක් එක් වර්ෂවල වෙනස පිළිබඳ සංගණනයක් අවසන්වරට කර ඇත්තේ 2006දී බව පෙන්වා දුන් ඇමැතිවරයා පසුගිය වසර දෙකෙහි වෙනස සංගණනයවි නොමැති බව පැහැදිළි කෙළේය. 

නව අදහස දක්වන්න