කැකිරාවේ ආකාශ්ට ඔබේ පිහිට ඕනෑ | දිනමිණ

කැකිරාවේ ආකාශ්ට ඔබේ පිහිට ඕනෑ

 කැකිරාව කුඹුක්වැව නිමල්සිරි විද්‍යාලයේ මෙවර පස්වැනි වසරේ විභාගයට මුහුණ දුන් මහා කැකිරාවේ ඇල පාර පදිංචි අයෝධ්‍යා ආකාශ් දරුවා මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 174ක් ලබාගෙන ලබා සමත්ව සිටී.

මෙම පුංචි ආකාශ් අනිත් ළමයි වගේ නොවෙයි. මීට අවුරුදු තුනක සිට ඔහු බරපතළ රෝග තත්ත්වයකින් පෙළෙමින් ප්‍රතිකාර ලබමින් සිටියි. මව්පියන් පවසන පරිදි මෙම දරුවා ගේ මුත්‍ර සමග සිරුරේ ප්‍රෝටීන පිටවන වකුගඩු වලට බලපාන රෝගයකින් පෙළෙයි.

පාසලට වඩා පුංචි ආකාශ් ඉගෙනීම් කටයුතු සිදු කළේ පේරාදෙණිය දඹුල්ල ආදී රෝහල්වලදී ය. ඉංජිනේරුවෙකු වීම සදහා සිහින දකින පුංචි ආකාශ්ගෙ බලාපොරොත්තු ඉෂ්ට කර දීමට කුලී වැඩ කරන පියාටත් මවටත් නොහැකි වී තිබේ.

වසර තුනක සිට ඔවුන් හම්බකරපු සියල්ල ආකාශ් ගේ ජීවිතය බේරාගැනීම සඳහා වියදම් කොට හමාරය. මෙම දක්ෂ දරුවා අනුරාධපුර ජාතික පාසලට ඇතුලත් වීමේ බලාපොරොත්තුවෙන් පසුවෙයි. .

ආකාෂ්ට වැඩිමල් සහෝදරයෙක් ද සිටී. ඔහු උසස් පෙළ විභාගයට පෙනී සිට හරිහමන් ආහාරයක් වත් නැතුව කුඩා පැලක මෙම පවුලේ අය ඉතා දුක්බරව ජීවත් වෙද්දී නිවාස සංවර්ධන අධිකාරියේ කැකිරාව භාර නිලධාරියා රුපියල් ලක්ෂ එකහමාරට නිවාස ආධාරයක් ලබා දීමෙන් කුඩා කාමර දෙකක් ඉදි කර ගැනීමට වුන්ට හැකි වී තිබේ. එම වාසනාව උදා වී ඇත්තේ පුංචි ආකාශ් අධ්‍යාපනය ලබන ආකාරයත් ඔහු විඳින දුක පිළිබදවත් නිවාස සංවර්ධන අධිකාරියේ නිලධාරීවරයාගේ නෙත ගැටීම නිසාය. ආකාශ්ගෙ පියා ඩී.එම් .එම් . රූපසිංහ මහතා කියා සිටියේ පුතා නිසා පසුගිය කාලයේ තමන්ට ද කුලී වැඩක් හෝ කරගැනීමට හැකියාවක් නොලැබුණු බවය .ආකාශ සමඟ මව රෝහල් ගත වී සිටි නිසා පුංචි දියණියත් ලොකු පුතාත් බලාගෙන තමන්ට නිවසට වී සිටීමට සිදුවූ බවයි.

පුංචි ආකාශ් එක වැරම මීට වසර තුනකට ඉහතදී මෙම දරුණු රෝගයට ගොදුරු වූ බවත් දීර්ඝ කාලයක් ප්‍රතිකාර කිරීමෙන් ආකාශ්ට සුවය ලබා ගැනීමට හැකියාව තිබෙන බව වෛද්‍යවරු කියති

ආකාශ්ගේ මුත්‍ර රුධිර පරික්ෂා කිරීම සඳහා විශාල මුදලක් වියදම් වෙන බවද රූපසිංහ මහතා අප සමග පැවසීය.

පුංචි ආකාශ්ට හැකි පමණින් උදව්වක් කිරීමට හැකියාව ඇත්නම් ඔවුන්ගේ දුරකථන අංකය 071 046 7647 වෙයි. ලිපිනය මහා කැකිරාව ඇල පාර කැකිරාව, ගිණුම් අංකය ලංකා බැංකුව කැකිරාව 3793426 වෙයි. 


නව අදහස දක්වන්න

Or log in with...