වියානා ඇලට මෝටර් රථයක් පෙරලී යුවළක් මරුට | දිනමිණ

වියානා ඇලට මෝටර් රථයක් පෙරලී යුවළක් මරුට

මහියංගණය මාපාකඩ ප්‍රදේශයේදී මහවැලි වියානා ඇලට මෝටර් රථයක් පෙරලීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඔවුන්ගේ 17 හැවිරිදි පිරිමි දරුවා අතුරුදන්වී ඇති අතර මියගොස් ඇත්තේ 43 හැවිරිදි පුද්ගලයෙක් සහ 40 හැවිරිදි කාන්තාවක්.

මෝටර් රථයේ සිටි තවත් පිරිමි ළමයෙක් දිවි බේරාගෙන ඇත.

ඔහු අතුරුදන්වු 17 හැවිරිදි ළමයාගේ නිවුන් සොහොයුරා බවට හෙළිවී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ.

මෝටර් රථයේ රියදුරාට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලිසිය සැක පළකරන අතර මහනුවර මැණික්හින්න ප්‍රදේශයේ සිට මහියංගණ කන්දකැටිය ප්‍රදේශයට යමින් සිටියදී අනතුර සිදුව ඇතැයි සඳහන්. 

අතුරුදන්වූ ළමයා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.


නව අදහස දක්වන්න

Or log in with...