ICTA හත්වැනි ‘ඉ-ස්වාභි­මානී’ සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය අද | දිනමිණ

ICTA හත්වැනි ‘ඉ-ස්වාභි­මානී’ සම්මාන ප්‍රදා­නෝ­ත්ස­වය අද

මෙරට ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය වන ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA), විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශය සමඟ එක්ව ‘ඉ-ස්වාභිමානී සම්මාන 2017’ ප්‍රකාශයට පත් කළේය. සමාජ සුබසිද්ධිය සඳහා බලපෑමක් කළ හැකි ඩිජිටල් නවෝත්පාදන හා නිර්මාණාත්මක නිමවුම් හා යෙදවුම් ජාතික ඇගයීමට ලක්කිරීම මේ සම්මාන උළෙලේ අරමුණයි.

ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්, ව්‍යාපාරික ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන්, මාධ්‍ය හිතවතුන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගීත්වයෙන් අද මේ සම්මාන උළෙල කොළඹ ගලධාරි හෝටලයේ දී පැවැත්වේ.

2009 වසරේ පටන් ‘ඉ-ස්වාභිමානී’ සම්මාන උළෙල මඟින්, සමාජ ඒකාබද්ධතාව, කාර්යක්ෂමතාව, නව සේවා, පුරවැසි බලගැන්වීම් ආදී ඩිජිටල් නවෝත්පාදන හා උසස් තාක්ෂණික විසඳුම් හඳුන්වාදෙන දක්ෂයන් අඛණ්ඩව ඇගයුමට ලක්කර ඇත.

මේ වන විට, ඉ-ස්වාභිමානී සම්මාන උළෙල, මෙරට සමාජය තුළ ජනතාවගේ සැබෑ අවශ්‍යතාවන්ට විසඳුම් ලබාදෙමින් ඔවුන්ගේ ජීවිත තුළ ධනාත්මක බලපෑමක් ඇති කර තිබෙන විශිෂ්ට ඩිජිටල් නිර්මාණ ඇගයුමට ලක්කෙරෙන ප්‍රධානතම ජාතික උළෙල ලෙස කීර්තියට පත්ව ඇත. අඛණ්ඩව හත්වැනි වරටත් සංවිධානය කෙරෙන මේ සම්මාන උළෙල සඳහා මෙවර අයදුම් 205ක් යොමුවී තිබිණ. මේ අයදුම් සඳහා තවතවත් දොරටු විවර කිරීමට නව ව්‍යවසායකයන්, සිසුන්, කණ්ඩායම් හා ආයතන ඇතුළු විවිධ අංශවලට අයදුම් කළ හැකිවීම මෙහි ඇති තවත් විශේෂත්වයකි. 

නව අදහස දක්වන්න