අතුරුදන්වූ සබ්මැරීනය සෙවීමට රුසියාව එක්වෙයි | දිනමිණ

අතුරුදන්වූ සබ්මැරීනය සෙවීමට රුසියාව එක්වෙයි

පසුගියදා දකුණුදිග අත්ලාන්තික් සාගරයේ දී අතුරුදන්වූ සබ්මැරීනය සෙවීමේ මෙහෙයුමට රුසියාව ද එක්ව සිටි.

ආජන්ටිනාවේ නාවික හමුදාවට අයත් සබ්මැරීනයක් මෙලෙස අතුරුදන්ව ඇත. එය අතුරුදන් වන අවස්ථාවේ නාවිකයන් 44 දෙනෙකු ගමන් කරමින් සිටි බව සදහන් ය.

රුසියානු නායක ව්ලැඩිමිර් පුටින් සෝදිසි කිරීමේ මෙහෙයුම්වලට අවශ්‍ය නෞකාවක් සහ පළපුරුදු කාර්ය මණ්ඩලයක් ලබා දෙන බවට තමාට පොරොන්දු වූ බව ආජන්ටිනා ජනාධිපති මොරිෂියෝ මැක්රි ප්‍රකාශ කළේය.

සබ්මැරීනය අතුරුදන්වූ ප්‍රදේශයෙන් ලැබෙන සංඥාවක් පිලිබද එරට නාවික හමුදාව පරීක්ෂණ සිදුකරන බව ඔහු වැඩිදුරටත් පැවසීය.


නව අදහස දක්වන්න

Or log in with...