දෙවන තරඟයේ පළමු දිනය අවසන් - UPDATE | දිනමිණ

දෙවන තරඟයේ පළමු දිනය අවසන් - UPDATE

ශ්‍රී ලංකාව සමඟ අද ආරම්භ වූ දෙවන ටෙස්ට් තරඟයේ පළමු දිනය නිමාවට පත් වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම එක් කඩුල්ලක් දැවී ලකුණු 11ක් ලබා සිටියේය.

පළමු පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 205ක් පමණයි.

එහිදී නායක දිනේෂ් චන්දිමාල් ලකුණු 57ක් සහ දිමුත් කරුණාරත්න ලකුණු 51ක් ලබා ගැනීම විශේෂත්වයක්.

ලංකාවට කඩුලු 02ක් අහිමි වෙයි - UPDATE

ශ‍්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරග 03කින් යුත් ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ  දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.

ඒ අනුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා නායකයා තීරණය කර කලේය.

මේ වන විට පන්දුවට පහර දෙමින් සිටින ශ්‍රි ලංකා කණ්ඩායමේ සදීර සමරවික්‍රම ලකුණු 13ක් ලබා සිටිය දී දැවී ගියේ සර්මාගේ පන්දුවක් ඉදිරියේ පුජාරාට උඩ පන්දුවක් ලබා දෙමින්.

අනතුරුව ලකුණු 09ක්  ලබා සිටි ලහිරු තිරිමාන්න ද දැවී ගියේය.

කෙසේ වෙතත්, මේ වන විට ශ්‍රි ලංකා කණ්ඩායම කඩුලු දෙකක් අවසානයේ ලකුණු 44ක් රැස් කර ගෙන සිටියි.

 

නව අදහස දක්වන්න