ලේක්හවුස් 'සමෘද්ධි' පුවත්පතේ පළමු සංවත්සරය | දිනමිණ

ලේක්හවුස් 'සමෘද්ධි' පුවත්පතේ පළමු සංවත්සරය

ජායාරූප - වාසිත පටබැදිගේ

සමාජ සවිබලගැන්වීම්, සුබසාධන හා කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍යාංශය යටතේ පවතින සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ද්වීභාෂා නිල පුවත්පත වන 'සමෘද්ධි' පුවත්පතේ පළමු සංවත්සරය ලේක්හවුස් ආයතනයේ දී ඊයේ (23) පැවැත්විණි. එහිදී ඇමැති එස්.බී.දිසානායක මහතා 'සමෘද්ධි' පුවත්පතේ සංවත්සර පිටපත කියවා බැලූ අයුරු. එම පුවත්පත දිනමිණ සහ තිනකරන් පුවත්පත් සමඟ නොමිලේ පිරිනැමෙන්නකි. එහි සම්බන්ධීකරණය ලේක්හවුස් ආයතනයේ රාජ්‍ය සබඳතා දෙපාර්තමේන්තුවයි.

නව අදහස දක්වන්න