බ්ලුමැන්ඩල් වෙඩි තැබීම | දිනමිණ

බ්ලුමැන්ඩල් වෙඩි තැබීම

සිරන්ජනි කුමාරි

සැකකාර දෙමටගොඩ චමින්ද ලබන 7දා අධිකරණයට ඉදිරිපත් කරන්න

හිටපු මුදල් ඇමැති රවි කරුණානායක මහතාගේ බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ පැවැති මැතිවරණ ප්‍රචාරක වැඩසටහනකට සහභාගි වු පිරිසකට වෙඩි තබා දෙදෙනකු ඝාතනය කර 11දෙනකුට තුවාල සිදු කිරිමේ සිද්ධියේ සැකකරුවකු වන චමින්ද ජයනාත් නොහොත් දෙමටගොඩ චමින්ද නමැත්තා ‍ලබන මස 7 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර අධිකාරිවරයා වෙත කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙරාම් ට්‍රොස්කි මහතා ඊයේ (23) නියම කළේය.

සැකකරු ඊයේ අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස අධිකරණය නියෝග නිකුත් කර තිබුණ ද බන්ධනාගාර අධිකාරිවරයා ලිපියක් මඟින් දැනුම් දි තිබුණේ අද දින සැකකරු විශේෂ අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණු හෙයින් මෙම අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නොහැකි වන බවය.

මෙම සැකකරුට මහාධිකරණයේ 778/2015 නඩුව යටතේ මරණ දඩුවම හිමිව ඇති බවත් ඔහු මෙම අපරාධය සිදු කිරිම සඳහා සෙසු සැකකරුවන් සමඟ දුරකථන සබදතා පවත්වා ඇති බවට කරුණු අනාවරණය වන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

සැකකරු රඳවා සිටි සිරමැදිරිය තුළ තිබි බන්ධනාගාර නිලධාරින් සිදු කරනු ලැබු සෝදිසි මෙහෙයුමක දී ජංගම දුරකථන 2ක් අත්අඩංගුවට ගෙන ඇති බවට කරුණු අධිකරණයට දන්වා තිබු රහස් පොලිසිය මුර පද යොදා දුරකථන අවහිර කර තිබු බවත් පසුව ඒ ඉවත් කර සෝදිසි කිරිමේ දි සැකකරු බන්ධනාගාරය තුළ සිටිමින් මෙම අපරාධය සැලසුම් කර ඇති බවට කරුණු අනාවරණය කර තිබිණ.

දුරකථන වැඩිදුර පරික්ෂණ සඳහා මොරටු විශ්වවිද්‍යාලය වෙත ඉදිරිපත් කර ඇතත් මේ දක්වා වාර්තා ලැබී නැති බවත් ආණ්ඩුවේ රස පරික්ෂක වාර්තාව ද, සී.සී.ටී.වී දර්ශනවලට අදාල වාර්තා ද‍ කඩිනමින් ලබා ගෙන ඉදිරි විමර්ශන පවත්වන බවට රහස් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණ.

වර්ෂ 2015/7/31 වන දින එක්සත් ජාතික පක්ෂයේ ආධාරකරුවන් පිරිසක් බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ ගමන් කරමින් ඡන්ද ප්‍රචාරක කටයුතුවල නිරත ව සිටියදි ගිනි අවි සමඟ එම ස්ථානයට පැමිණි පිරිසක් ආධාරකරුවන් වෙත වෙඩි තබා පලා ගොස් ඇත. මෙම සිද්ධියෙන් බුලත්සිංහලගේ නි‍රෝෂන සම්පත් හා සිත්ති නසිමා යන අය මරණය පත් වූහ.

එම් සෆ්රාස් නොහොත් චප්පා, චරිත ප්‍රියදර්ශන, චාමර සම්පත් රුද්‍රගු, සමිර රසාංග ගුණසේකර, රුවන් චමිල ප්‍රසන්න, බන්දුල බ්‍රියල්, ගිහාන් සඳරුවන්, දොන් උපාලි, ජුඩ් ප්‍රියන්ත ෆැන්සිස්, නුවන් මිහිරක බණ්ඩාර, කළුතර විතානගේ සිරිවර්ධන යන සැකකරුවන් දැනට ඇප මත මුදා හැර සිටි.

කාකදුපත, මට්ටක්කුලිය පදිංචි සදාසිවම් සේකරු යන අය රහස් ‍පොලිසිය සිදු කරනු ලැබු පැමිණිල්ල මත මෙහි විමර්ශන පැවැත්වේ. 

නව අදහස දක්වන්න