ජනපති මෛත්‍රීට හොරකම් වංචා වෙනකොට ඒ දෙස ඇස් කන් පියාගෙන බලන් ඉන්න බෑ | දිනමිණ

ජනපති මෛත්‍රීට හොරකම් වංචා වෙනකොට ඒ දෙස ඇස් කන් පියාගෙන බලන් ඉන්න බෑ

නන්දසිරි වැලිගමගේ

ජනතතාවට කියපු දේවල් අපි කළ යුතුයි අපේ ජනාධිපතිතුමා ඒ දේ හරියට කරනවා එතුමා දරන මතය වන්නේ තමන් ජනතාවට කියු පොරොන්දු වු දේවල් හරියට කර වසර පහකින් ගෙදර ගියත් කමක් නැතැයි යන ප්‍රතිපත්තියයි

හොරකම වංචාව දූෂණය නැතිකොට යහපාලනයක් ඇතිකිරීමට ජනතා වරම් ලබා ගත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හොරකම් වංචා වෙනකොට ඒ දෙස ඇස්-කන් පියා ගෙන බලන් ඉන්නට නොහැකි බව බැදුම්කර කොමිසම ගැන නන්දොඩඩවන රාජ්‍ය ඇමැතිවරයා තේරුම්ගත යුතු යයිද වෙස්සන්තර ජාතකය පෙන්නනවයි කියා ජනතාව ආ පසු ඔවුනට අජාසත්ත ජාතකය පෙන්වන්නට අපේ ජනාධිපතිතුමා සූදානම් නැතැයි දකුණු පළාත් සභා මන්ත්‍රී රත්ගම ආසනයේ සම සංවිධායක අමරසිරි කුරුවගේ මහතා පවසයි

ඒ මහතා මෙසේ පැවසුවේ මේ ආසනය සඳහා සම සංවිධායක වරයකු ලෙස පත්කළ ගිත් ගුනසේකර මහතා විසින් කැදවනු ලැබු මාධ්‍ය සාකච්ජාවකය එක් වෙමිනි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා බැදුම්කර කොමිසම පත් කිරීම ගැන ජනාධිපතිතුමාට විරොධය පලකරන මේ රාජ්‍ය ඇමැතිවරයා ජනතාවගෙන් සමාව ගත යුතු යයිද ජනාධිපතිවරයකු විවේචනය කිරිමට මැති ඇමැතිවරයකුට නොහැකි බව ද පෙන්නා දුන්නේය

වැරදිකළ දූෂණයන් කරපු උදවිය නීතිය හමුවට ගෙනෙන්ට පොරොන්දු වී බලය ලබාගත් එක්සත් ජාතික පක්ෂය වසර තුනක් තිස්සේ මේ පිරිස් වෙනුවෙන් කළේ කුමක්දැයි ප්‍රශ්න කළ ඒ මහතා විනිමය හොරුන්ට තාජුඩීන් ඝාතකයන්ට සිරිලිය ගිනුම්වලට මේ අයගත් පියවර කුමක්දැයි ප්‍රශ්න කළ කුරුවගේ මහතා රවිලට විජේදාස රාජපක්ෂලාට ඇමැතිකම්වලින් යන්නට වුනේත් බැදුම්කර කොමිසම් හමුවේ තවත් අයගේ කෙරුම් දිග හැරෙන්නේත් මේ දිට්ඨ ධම්මවේදනිය කර්මයන් පළ දෙන්නට පටන් ගැනීම නිසා යයිද කීය.

ජනතතාවට කියපු දේවල් අපි කළ යුතුයි අපේ ජනාධිපතිතුමා ඒ දේ හරියට කරනවා ඇති එතුමා දරන මතය වන්නේ තමන් ජනතාවට කියු පොරොන්දු වු දේවල් හරියට කර වසර පහකින් ගෙදර ගියත් කමක් නැතැයි යන ප්‍රතිපත්තිය යයිද කුරුවගේ මහතා පෙන්වා දුන්නේය.

අද සමහර උදවිය පොල් ගැන කිය කියා යනවා නමුත් අද තේ මිල රුපියල් 110 නැගලා ඇති බව හින් කුරුදු කිලෝවක් රුපියල් 2400ක් වී ඇති බව කියන්නේ නැතියිද කීය. මහින්ද රාජපක්ෂ මහතාගේ පාලනය කාලේ ඉන්ධන කීයද ගෑස් කීයද කියා දැන් මේ උදවියට මතක නැතැයිද මේම සහනයන් ලබාදුන්නේ මේ රජය බව කියන්නට රජයත් රජයේ මාධ්‍යයනුත් අසමත් විම කනගාටුදායක යැයිද පෙන්වා දුන්නේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්තාව ගැන මාධ්‍යවේදියකු නැගු පැනයට පිළිතුරු දුන් ඒ මහතා මේ අවස්ථාව නව ව්‍යස්ථාවක් සකස්කිරීම කළ යුතු යයිද මේ අවස්ථාවෙන් අප ප්‍රයෝජනයක් නොගතහොත් ඉදිරි කාලයකදි යළිත් අපට බිහිසුනු සංග්‍රාමයකට මුහුන දෙන්නට සිදුවනු ඇතැයි කීය.

රත්ගම ආසනයේ නව සම සංවිධායක ගගගිත් ගුණසේකර මහතා -

ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයන් එදත් අදත් හෙටත් ඉන්නේ පුද්ගලයන් වටා නොව පක්ෂය වටා යයි ද අප මතක තබාගත යුතුතේ මහින්ද රාජපක්ෂ මහතා දෙවරක්ම මේ රටේ ජනාධිපති වුයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා යයිද පෙන්වා දුන්නේය.රත්ගම ආසනය කවදත් වමේ බලය පෙන්නු අයුත්තියට අසාධාරණයට හොරකමට එරහි වු ජනතාවක් සිටින ආසනයක් යයිද ඒ නිසා අපිට මේ ආසනය තුළ වෙනත් කිසිවකුගෙන් අභියෝගයන් තමන්ට එල්ල නොවනු ඇතැයි ද පෙන්නා දුන්නේය.

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේත් අප ජනතා සේවයට එක් වි සිටියත් ඒ මහතා අපිට වැඩ කරන්නට අවස්ථාව ඉඩ ලබා දුන්නේ නැතැයි කීය.

අපි ජන්දවලට බිය වන්නේ නෑ. පක්ෂය කඩා ගෙන යන්නන් ගැන බිය වන්නේත් නෑ. ඒ අයට මුහුණ දෙන්නට අප සූදානම් යයිද කී ගුණසේකර මහතා පක්ෂ කඩාගෙන ගිය හැම දෙනාටම ඉතිහාසය විසින් පාඩම් ලබා දුන්නේ යැයි කී ඒ මහතා චන්ද්‍රිකා මැතිනියත් පක්ෂයක් හදා ගෙන ගියත් අන්තිමේ දෙවරක් ජනාධිපතිනිය වන්නට හැකි වුයේ ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිසා යයිද කීය.

දැන් සමහර උදවිය මේ රටේ බලය කෙක්කෙන් හරි කොක්කෙන් හරි ගන්නට බලා ඉන්නවා. ඒක නිසා ජාතිවාදයට ආගම්වාදයට මේදේවල් ඉනිමගක් කර ගන්නට හදනවා.

ගත වු දින කිපයකට පෙර ගිංතොට දි ඇතිවු රිය අනතුරක් ගැටුමක් බවට පත් වෙන්නට යද්දි එයද තමන්ගේ වාසියට යොදාගන්නට කටයුතු කළ දේශපාලනඥයන්ට ජනතාව පාඩම් කියා දුන් බව සිහිපත් කළ ගුණසේකර මහතා, කළ දුටු කළ වළ ඉහගෙන කන්නට දගලන දේශපාලනඥයන් හට ඉදිරියේ දී ජනතාව හොද පාඩම් උගන්වනවා ඇතැයි ද කීය. 

 

නව අදහස දක්වන්න