පරිත්‍යාගශීලිව කටයුතු කරන ලංගම සේවකයන් සෙසු ආයතනවලට ආදර්ශයක් | දිනමිණ

පරිත්‍යාගශීලිව කටයුතු කරන ලංගම සේවකයන් සෙසු ආයතනවලට ආදර්ශයක්

ශීලා උඩුවර

මාස 6 කට පමණ පෙර දිවයින පුරා ඇති වු ස්වභාවික ව්‍යවසනයන්ගෙන් විපතට පත් වු තම සහෝදර සේවකයන් වෙනුවෙන් පරිත්‍යාගශීලිව කටයුතු කළ ලංගම සේවකයින් අනෙකුත් ආයතනවල සේවකකයන්ට ආදර්ශයක් බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසිය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කෙළේ 2016 හා 2017 වසර වල ඇති වූ ගංවතුර හේතුවෙන් හා ශාලාව යුධ හමුදා කඳවුර පිපිරවීමෙන් විපතට පත් වු ශ්‍රී ලංගම සේවකයින්ට සහන සැලසිම සඳහා රුපියල් එක් කෝටි විසි දෙලක්ෂ 40 දහසක වන්දි චෙක්පත් ප්‍රදානය කිරීමේඅවස්ථාවේදිය.

2016 වසරේදී රුපියල් එක් කෝටි හතලිස් ලක්ෂයක මුදලක් විපතට පත්වුවන්ට වන්දි ලෙස ලබාදි ඇති බවත්, ඒ අනුව මේ වන විට විපතට පත් සේවකයින් 1042 කට රුපියල් කෝටි දෙකහමාරක පමණ මුදලක් ලබාදි තිබෙන බවත් ඇමැතිවරයා කිය.

මෙම වන්දි මුදල් ලබාදීම සඳහා සතයක්වත් ආයතනයේ මුදල් ප්‍රතිපාදන වලින් වලින් ලබා දී නැහැ. සියලුම මුදල් පරිත්‍යාග ලංගම සේවකයන් විසින් තම වැටුපෙන් ලබාදි තිබෙනවා. ඒ අනුව ඉතාමත්ව මනුෂ්‍යත්වය හඳුනන සේවක පිරිසකුයි මේ ශ්‍රී ලංගමය තුළ සිටින්නේ. ඒ ගැන මා ආඩම්බර වෙනවා යයිද ඇමතිවරයා කිය.

ලබන වසරේ කෙසේ හෝ ලංගම මගී ප්‍රවාහනය සඳහා පෙර ගෙවුම් කාඩ් පත් ක්‍රමය හඳුන්වා දෙනවා. කෙසේ හෝ මෙම ක්‍රමය 2018 වසර තුළදි හඳුන්වා දෙනවා. ඒ තුළින් බස් සේවාව තුළ සිදුවන මුල්‍ය දූෂණ කටයුතු නැති කොට විශාල ආදායමක් ලබා ගැනිමට හැකිවනවා.

බස් ඩිපෝවල යටිතල පහසුකම් නැංවිම සඳහා 2018 වසරේ මිලියන 200 ක මුදලක් ශ්‍රි ලංගමයට ලබා දි තිබෙනවා.අද ශ්‍ රීලංගමය තුළ කිසිදු දේශපාලන භේදයකින් තොරව කටයුතු සිදු වෙමින් තිබෙනවා. ඒ සදහා ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ මහතාගෙන් ලැබෙන සහයෝගය ඉතාමත් කෘතවේදිව අගය කරනවා යයිද ඇමැතිවරයා කිය.චෙක්පත් බෙදාදීමේ අවස්ථාවට ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති අශෝක් අබේසිංහ , ශ්‍රී ලංගම සභාපති රමාල් සිරිවර්ධන අමාත්‍යාංශ ලේකම් ඩී. විතානගේ යන මහත්වරුන් ඇතුළු නිලධාරින් සහභාගි වුහ. 

 


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...