ගුණාත්මක අධ්‍යාපන‍ය රටපුරා ස්ථාපිත කළා | දිනමිණ

ගුණාත්මක අධ්‍යාපන‍ය රටපුරා ස්ථාපිත කළා

රොෂාන් තුෂාර
චමීර ඇල්ලදෙණිය
මහින්ද අලුත්ගෙදර

ටැබ් පරිගණකය සමඟ සිසුන්ට විෂය නිර්දේශයක් ලබා දෙනවා
- නි‍ ඇමැති අජිත්.පී ‍පෙ‍රේරා

අධ්‍යාපනයට 6%ක් වෙන්කරනවා කිව්වට භාවිතය අවුන්සයයි
- නිහාල් ගලප්පත්ති 

අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දැවැන්ත සංවර්ධනයක් ඇතිකර තිබෙනවා
- නි‍ ඇමැති ලසන්ත අලගියවන්න

රටපුරා පාසල් 10, 350ක සංවර්ධනය ‍වෙනු‍වෙන් පුරසාරම් නැතිව දැ‍නෙන සංවර්ධනයක් කිරීමට කැපවූ රජය, ගුණාත්මක අධ්‍යාපන‍යක් රටපුරා ස්ථාපිත කර ඇති බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පාර්ලි‍මේන්තු‍වේ දී ඊ‍යේ (23) ප්‍රකාශ ක‍ළේය.

යහපාලන රජය පත්වන විට වැසිකිලියක්, බිමට වතුර ‍පොදක් ‍නොමැති හා විදුලිය ‍නොමැති පාසල් තිබූ බව පැවසූ ඇමැතිවරයා එම අඩුපාඩු සියයට සියයක් සම්පූර්ණ කිරීමට 2018 දී කටයුතු සිදුකරන බව ද පැවැසීය.

වේත්‍රධාරි අනිල් පරාක්‍රම සමරසේකර මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) පෙරවරු 9.30 ට පාර්ලිමේන්තුව රැස්විය.

වාර්තා හා ලිපිලේඛන පිළිගැන්වීමෙන් පසුව වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් අසන ලද ප්‍රශ්නවලට අදාළ විෂයබාර ඇමැතිවරුන් පිළිතුරු ලබාදුන්හ. අය-වැය කාරක සභා විවාදයේ හයවන දිනයේ විවාදය ආරම්භ විය. අධ්‍යාපන, ක්‍රීඩා සහ අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයන්හි වැය ශීර්ෂ විවාදයට ගැණිනි.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී එස්. ශ්‍රීධරන් මහතා (‍දෙ.ජා.ස) - අ‍පේ ර‍ටේ ආර්ථිකයට දැඩි ‍ලෙස බලපාන අමාත්‍යාංශයක් ‍‍ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්න පුළුවන්. ඒ නිසාම සෑම රටක්ම අධ්‍යාපනය‍වෙු‍වෙන් විශාල මුදලක් ‍වෙන් කරනවා. ඕනෑම රටක් අධ්‍යාපනය මත සංවර්ධනය ‍වෙනවා. සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නංගර මහතා විසින් අධ්‍යාපන ප්‍රතිපත්තියක් එළිදක්වා ති‍බෙනවා. පසුගිය කාලය පිළිබඳ අපි ආවර්ජනය කළයුතු ‍වෙනවා. 2015 වස‍රේ දී යහපාලන ආණ්ඩුව බලයට පත්වී‍මෙන් පසුව පා‍සල් 1000ක් සංවර්ධනය කිරී‍මේ කටයුතු ආරම්භ කර ති‍බෙනවා.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා - අපි වතු පාසල් ‍වෙනු‍වෙන් ගුරුවරු 2015 දී 2216ක් හා ‍මේ වස‍රේ දී ගුරුවරු 132ක් බඳවා ‍ගෙන ති‍බෙනවා. පාසල් යටිතල පහසුකම් ලබා දී ති‍බෙනවා.

ග්‍රාමීය ආර්ථික කටයුතු ඇමැති පී හැරිසන් මහතා -උතු‍රේ අධ්‍යාපනය නගා සිටුවීමට අපි පළාත් සභාවට මුදල් ‍යොමු කර ති‍බෙනවා.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී නලින්ද ජයතිස්ස මහතා (ජ.වි‍.පෙ) - අ‍පේ ර‍ටේ අධ්‍යාපන ක්‍රමය ඉතාම පැරණි ක්‍රමයක් ති‍බෙනවා. සාමාන්‍ය ‍පෙළ විභාග‍යේ දී ලකුණු 75ක් ගත් දරුවා විශිෂ්ට සම්මානයක් කියනවා. උසස් ‍පෙළ විෂයකට ලකුණු 75ක් ගත්තම විශිෂ්ට සම්මානයක් කියනවා. නමුත් ශිෂ්‍යත්ව විභාග‍යේ දී ලකුණු 75 බැගින් ‍දෙකක් ගත්තත් ඒ දරුවා අසමත් කියලා කියනවා. ඒ නිසා ශිෂ්‍යාධාර ලබන ප්‍රමාණය ‍දෙගුණයක් කළානම් ‍මේ ශිෂ්‍යත්ව විභාගය සමත් කරන ලකුණු මට්ටම පහත ‍හෙළිය හැකියි. ඒ සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශයට ‍ගෙන වසා ති‍බෙන ‍ගොඩනැගිල්‍‍ලේ කුලිය මාස 15ක් දුන්නනම් ඇති.

අකිල විරාජ් කාරියවසම් මහතා - අපි සුහුරු පංතිකාමර ඇති කරමින් අධ්‍යාපනය නගාසිටුවීමට කටයුතු කර ති‍බෙනවා. ඒ ‍වගේම සෑම දරුවකුටම ටැබ් පරිගණකයක් ලබාදීමට පියවර ගන්නා. ‍මේ වස‍ර අවසානය වනවිට ටැබ් යන්ත්‍ර ලක්ෂ ‍දෙකක් ලබාදීමට අප කටයුතු කරනවා.

නි‍යෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මුලසුනට පැමිණි‍යේය.

‍මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්. වියා‍ලේන්ද්‍රන් මහතා (‍දෙ.ජා.ස) - උතුරු නැ‍ගෙනහිර පාසල්වල ති‍බෙන පහසුකම් අවම මට්ට‍මේ ති‍බෙනවා.

විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නි‍යෝජ්‍ය ඇමැති අජිත්.පී ‍පෙ‍රේරා මහතා - ‍මේ රජය යට‍තේ පාසල් අධ්‍යාපනය නඟාසිටුවීම ‍වෙනු‍වෙන් ඉදිරිපත් කරන ලද ළඟම පාසල ‍හොඳම පාසල ව්‍යාපෘතිය ‍වෙනු‍වෙන් ‍තෝරා ගත්තේ ම‍ඟේ ආසන‍යේ පාසලක්. අධ්‍යාපන අමාත්‍යාංශ‍යේ කටයුතු පිළිබඳ එක් වැදගත් ‍යො‍ජනාවක් අතර පරිගණක ටැබ් ලබාදී‍මේ ‍යෝජනාවක් තිබුණා. ‍මෙය අනවශ්‍ය ‍දෙයක් ‍ලෙස ඇතැමුන් දකිනවා. ‍ලෝක‍යේ අධ්‍යාපන ක්‍රම‍වේදයන් ‍වෙනස් වී ති‍බෙනවා. ඒ නිසා පරිගණකය මත පදනම්ව අධ්‍යාපනය ලබාදීම ඉතාම නිවැරැදියි.

‍මේ ටැබ් පරිගණකයට ඒ දරුවන්ගේ විෂය නිර්දේශය සහිතවයි ලබා‍‍දෙන්නේ. ඒ අනුව දරුවා‍ගේ පංති කාම‍ර‍යේ ජීවිතය පහසු ‍වෙනවා. අද ‍පෞද්ගලික අංශය පරිගණක මත රඳා පවතිනවා. ටැබ් පරිගණක සම්බන්ධ‍යෙන් පවතින දුර්මතය අවසන් කළයුතු ‍වෙනවා. වසර 20ක පමණ කාලයක් විවිධ ගැටලුවලට මුහුණදුන් අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ‍සේවකයන් ‍වෙනු‍වෙන් සාධාරණය ඉටුකළ යුතු ‍වෙනවා.

‍මොණරාගල දිස්ත්‍රික් මන්ත්‍රී විජිත ‍බේරු‍ගොඩ මහතා (එ.ජ.නි.ස) - ඕනෑම ජන සමාජයකට අධ්‍යාපනය ඉතාම වැදගත්. පළමු වස‍රේ සිට විශ්වවිද්‍යාලය දක්වා අ‍පේ ර‍ටේ දරුවන්ට ‍නොමි‍ලේ අධ්‍යාපනය ලැ‍බෙනවා. අධ්‍යාපන‍යේ වැදගත්කම ‍තේරුම් ගැනීම නිසා එය ‍නොමි‍ලේ ලබා‍දෙන්නට පියවර ‍ගෙන ති‍බෙනවා. ‍වෙනස් වන සමාජයට ගැල‍පෙන ‍ලෙස විෂය නිර්දේශය සංකීර්ණ වී ති‍බෙනවා. ඇතැම් විට දරුවන් පුද්ගලික අධ්‍යාපනය ‍‍වෙනු‍වෙන් ‍යොමු ‍වෙනවා. අධ්‍යාපනය ‍වෙනු‍වෙන් ‍වෙන්කරන මුදල දළ ‍දේශීය ආදායමින් සියයට 6ක් පමණ ‍වෙන්කරන ‍ලෙස පසුගිය කාල‍යේ ඉල්ලා සිටියා. රුපියල් බිලියන 203ක මුදලක් ‍මේ අමාත්‍යාංශ‍ය වෙනු‍වෙන් ‍වෙන්කර ති‍බෙනවා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා (එ.ජා.ප) - අපි මුලසිටම අධ්‍යාපනය ‍වෙනු‍වෙන් ප්‍රමුඛත්වයක් ලබා දී ති‍බෙනවා. ‍

දිවාවි‍වේක‍යෙන් පසු මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා‍ගේ ප්‍රධානත්ව‍යෙන් පස්වරු 1.00 යළි සභාව රැස්විය.

යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ඩග්ලස් ‍දේවානන්ද මහතා (ඊ.පී.ඩී.පී) - නවීන යුගයට ගැළ‍පෙන අධ්‍යාපන ක්‍රම‍වේදයක් ඇති කිරීමට අප තවමත් සමත්ව නැහැ.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා - අප වැඩබලන ගුරුවරු පත්කරන්‍‍‍නේ නැහැ. අපි නව පත්වීම් ලබා දී ති‍බෙනවා. ඉදිරි‍යේ දී ‍මේ වැඩබලන ගුරු තනතුරු සියල්ල ස්ථිර ‍වේවි. වැඩබලන ගුරු තනතුරු තිබු‍ණොපසුගිය ආණ්ඩු කාල‍යේයි.

‍කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා (එ.ජ.නි.ස) - 2017 වස‍ර සඳහා ළඟම පාසල ‍හොඳම පාසල වැඩසටහන යට‍තේ පාසල්වල යටිතල පහසුකම් සංවර්ධන කිරීමට බිලයන 64 ක් ‍වෙන්කර තිබිය දී භාණ්ඩාගාරය ලබා දී ති‍බෙන්‍‍නේ මිලියන 6500 යි. එ‍හෙම ‍කො‍හොම ද ළඟම පාසල ‍හොඳම පාසල වැඩසටහන කරන්‍‍නේ.

කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී පියල් නිශාන්ත මහතා (එ.ජ.නි.ස) - අධ්‍යාපන ක්‍ෂේත්‍රය ‍දෙස අපි ‍දේශපාලන පක්ෂ ‍භේදයකින් ‍තොරව බැලිය යුතු ‍වෙනවා. මමත් වෘත්ති‍යෙන් ගුරුවර‍යෙක්. ඇතැම් අවස්ථාවල අධ්‍යාපන ක්‍ෂේත්‍රය සම්බන්ධ‍යෙන් ගන්නා ලද තීන්දු සම්බන්ධ‍යෙන් සතුටු ‍වෙන්න පුළුවන්. නමුත් ඇතැම් ඒවා පිළිබඳ සතුටු ‍වෙන්න බැහැ. අද දරුවන් සහ ගුරුවරුන් සිහින ‍ලොවක සිරවී සිටිනවා. අධ්‍යාපනය ‍වෙනු‍වෙන් සියයට 6ක මුදලක් ‍වෙන් කරන්න තීරණය කළ අවස්ථාවක පසුගිය වස‍‍රේ සියයට 35 ක ‍හෝ ප්‍රගතියක් ලැබීමට ‍නොහැකිවීම සම්බන්ධ‍යෙන් කනගාටුවට පත්වෙනවා.

ත්‍රීකුණාමලය දිස්ත්‍රික් මන්ත්‍රී ඉම්රාන් මහරුෆ් මහතා (එ.ජා.ප) - ගුරුවරුන් අගය කිරීම ‍වෙනු‍වෙන් සම්මාන උ‍ළෙලක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර ති‍බෙනවා.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා - ‍මේ සම්මාන උ‍ළෙ‍ලේ දී ලබා‍ගෙන ති‍බෙන නිවාඩු සම්බන්ධ‍යෙන් අවධානය ‍යොමු කරන්නේ එක් කරුණක් ‍වෙනු‍වෙන් පමණයි. තවත් නිර්නායකයන් සම්බන්ධ‍යෙන් අවධානය ‍යොමු කරනවා.

‍කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා (එ.ජා.ප) - වත්මන් ආණ්ඩුව බලයට පත්වූ පසුව අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණ රැසක් කරන්නට හැකියාව ලැබී ති‍බෙනවා.

හම්බන්තොට දිස්ත්‍රික් මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා (ජ.වි.‍පෙ) - දළ ජාතික නිෂ්පාදිත‍යෙන් සියයට 3 ට වඩා කිසිදු රාජ්‍ය නායක‍යකු අධ්‍යාපනය ‍වෙනු‍වෙන් මුදල් ‍වෙන්කර නැහැ. දළ ජාතික නිෂ්පාදිත‍යෙන් අඩු තර‍මේ සියයට 6ක් ‍හෝ ‍අධ්‍යාපනයට වෙන්කරන බවට ‍මේ ආණ්ඩුව ප්‍රකාශ කළා. නමුත් භාවිතය නම් අවුන්සයයි. ‍මේ සම්බන්ධ‍යෙන් වි‍‍ශේෂ අවධානය ‍‍‍යොමු කළයුතු ‍වෙනවා

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා - විද්‍යාපීඨ සඳහා බඳවා ගැනීම වැඩිකර ති‍බෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්ක‍යේ පුරප්පාඩු ති‍බෙනවා. නමුත් නිසි ක්‍රම‍වේදයකට බඳවා ගැනීම සිදුකරනවා.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී විමලවීර දිසානායක මහතා (එ.ජ.නි.ස) - මීට වසර 70 ට ‍පෙර ‍මේ ර‍ටේ දරුවන්ට අධ්‍යාපනය ලබන්න පාසල් තිබු‍ණේ නැහැ. නමුත් අද පාසල් 10, 000 ට වඩා ති‍බෙනවා. විශ්වවිද්‍යාල, පෞද්ගලික විද්‍යාල ති‍බෙනවා. ඒ ව‍ඟේම උපකාරක පංති ති‍බෙනවා. විභාග සමත්විය හැකි තැන් විශාල ප්‍රමාණයක් ති‍බෙනවා. ‍මේ ර‍ටේ ඉ‍ගෙන ගන්න තැන් ති‍බෙනවා. අධ්‍යාපනයක් නැහැ. අපි ඒක පිළිගත යුතු ‍වෙනවා. විභාග සමත් කිරී‍මේ ක්‍රියාවලියක් ති‍බෙනවා. අධ්‍යාපනයක් නැහැ. අපිට ‍මේ සියලු විපත් සිදුවන්නේ සාක්ෂරතාව සියයට 96ක් පමණ ති‍බෙන තත්ත්වයකයි.

පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අ‍ශෝක ප්‍රියන්ත මහතා (එ.ජා.ප) - ළඟම පාසල ‍හොඳම පාලස ව්‍යාපෘතිය 2020 දී අවසන් ‍වෙනවා. ඒ ව්‍යාපෘතිය මඟින් පාස‍ලේ යටිතල පහසුකම් සංවර්ධනය කරන්න පියවර ‍ගෙන ති‍බෙනවා. මුදල් අර්බුදයක් මැද්දේ ‍හෝ අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ ප්‍රතිසංස්කරණය ‍වෙනු‍වෙන් ක්‍රියාමාර්ග ‍ගෙන ති‍බෙනවා.

මඩකළපුව දිස්ත්‍රික් මන්ත්‍රී එස්.‍යෝ‍ගේෂ්වරන් මහතා (‍දෙ.ජා.ස) - අධ්‍යාපන අමාත්‍යාංශය ‍වෙනු‍වෙන් පසුගිය කාල‍යේ ‍වෙන්කළ ප්‍රතිපාදනවලට සා‍පේක්ෂව 2016 වසර හා සංසන්දනය කරන විට යම් සැලකිය යුතු මුදලක් ‍වෙන්කර ති‍බෙනවා. නමුත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහා විශාල මුදලක් ‍වෙන්කළ යුතු ‍වෙනවා. දකුණු ආසියානු රටවල අධ්‍යපානය ‍වෙනු‍වෙන් සියයට 4ක ප්‍රමාණයක් දළ ජාතික නිෂ්පාදන‍යෙන් ‍වෙන් කරනවා. අධ්‍යාපන‍යේ වැදගත්කම ‍කෙ‍රෙහි දක්වන උනන්දුව එයින් පැහැදිලි ‍වෙනවා.

මුදල් හා ජනමාධ්‍ය නි‍යෝජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා - අධ්‍යාපන‍යේත් ක්‍රිඩා‍වේත් උන්නතිය ‍‍වෙනු‍වෙන් අධ්‍යාපන හා ක්‍රීඩා අමංත්‍යාංශ ක්‍රියාකළ යුතු ‍වෙනවා. පාසලක දරුවන් 3000ක් ඉන්නවා නම් ඔවුන් සැමට මනා ශාරීරික ‍සෞඛ්‍යයක් පාස‍ලෙන්ම ලබාදිය යුතු ‍වෙනවා. අද ‍මේ තත්ත්වය පංති කාමරයට පමණක් සීමා වී ති‍බෙනවා.

ක්‍රීඩාව හා ශාරීරික අධ්‍යාපන විෂය පංති කාමර‍යෙන් බැහැරට ‍ගොස් කටයුතු කළයුතු ‍වෙනවා. ‍මේ සම්බන්ධ‍යෙන් අවධානය ‍යොමු කරන ‍ලෙස ඉල්ලීමක් කරනවා. සෑම ‍දෙයක් සම්බන්ධ‍යෙන්ම අසුබවාදී ‍දේ අහන්න දකින්න ලැ‍බෙනවා. ‍මේ වනවිට අ‍‍පේ ර‍ටේ අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ දැවැන්ත සංවර්ධනයක් ලබා‍ තිබෙනවා. නිදහසින් පසුව සියලු ආණ්ඩු අධ්‍යාපනය ‍වෙනු‍වෙන් ප්‍රමුඛතාව ලබා දී ති‍බෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී ලකී ජයවර්ධන මහතා (එ.ජා.ප) - අධ්‍යාපන‍යේ ‍ලොකු ‍වෙනසක් පසුගිය වසර කිහිප‍‍යේ දී දකින්න ලැ‍බෙනවා. විප්ලවීය ‍වෙනසක් ඇතිකරන්න අකිල විරාජ් කාරියවසම් මහතා ක්‍රියාකර ති‍බෙනවා. පසුගිය අයවැ‍යෙන් රුපියල් මිලියන 55, 000ක මුදලක් ‍වෙන්කළා. පළාත් සභා සමඟ ද අව‍බෝධතා ගිවිසුමක් ඇතිකර ‍ගෙන ‍මේ වැඩසටහන ක්‍රියාත්මක කළා. පාසල්වලට ළමයින් ඇතුළත් කිරී‍මේ බාධක ඉවත් කිරී‍ම ‍මේ මඟින් අ‍පේක්ෂා කරනවා. ලබා‍දෙන සම්පත් පාසල්වලට පමණක් ‍යොදවන්නේ නැහැ. එය කනගාටුවට කරුණක්. ලංකාතිලක, ගඩලා‍දෙනිය සිද්ධස්ථාන සංරක්ෂණය ‍වෙනු‍වෙන් සංස්කෘතික අරමුදල විසින් පියවර ගතයුතු ‍වෙනවා.

නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී මුත්තුසිවලිංගම් මහතා (එ.ජ.නි.ස) - ක්‍රීඩාව ‍වෙනු‍වෙන් වතු ජනතාවට අවස්ථාව ලැ‍බෙනවා අඩුයි. වතුකර‍යේ දක්ෂ ක්‍රීඩික ක්‍රීඩිකා‍වෝ විශාල ප්‍රමාණයක් ඉන්නවා. නමුත් ඔවුන්ට ලැ‍බෙන අවස්ථාව ‍මෙන්ම සම්පත් ප්‍රමාණය අඩුයි.

දිගාමඩුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී රවීන්ද්‍රන් ‍කෝඩීෂ්වරන් මහතා (‍දෙ.ජා.ස) - ක්‍රීඩා ක්‍ෂේත්‍රය සංවර්ධනය කිරීම තුළින් ‍හොඳ සමාජයක් සංහිඳියා සමාජයක් ‍ගොඩනැගිය හැකියි. ජාතීන් අතර මිත්‍රත්වයක් ඇති කිරීමට ක්‍රීඩාව තුළින් හැකියාව ති‍බෙනවා. ඒ නිසා ක්‍රීඩාව දියුණු කිරීම ඉතාම වැදගත්. එවිට සංහිඳියාවත් දියුණු ‍වෙනවා.

අනුරාධපුර දිස්ත්‍රික් මන්ත්‍රී ‍ශෙහාන් ‍සේමසිංහ මහතා මුලසුනට පැමිණි‍යේය.

අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී. රාධක්‍රිෂ්ණන් මහතා - පාසල් සංවර්ධනය සඳහා නව රජය විවිධ වැඩපිළි‍වෙළ ක්‍රියාත්මක කළා. ළඟම පාසල ‍හොඳම පාසල ව්‍යාපෘතිය ඉතාම සාර්ථකව ඉදිරියට කර‍ගෙන යනවා. ‍මේ සඳහා පාසැල් 6000 ක්‍ ‍තෝරා‍ගෙන අපි සංවර්ධනය කර‍ගෙන යනවා. නිදහස් අධ්‍යාපනය ‍වෙනු‍වෙන් එක්සත් ජාතික පක්ෂය විශාල ‍සේවාවක් සිදු කර ති‍බෙනවා. කංනංගර මහතා, ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා, ‍ප්‍රේමදාස ජනාධිපතිතුමා වැනි අය අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ දියුණුව ‍වෙනු‍වෙන් කටයුතු කළා. වත්මන් අගමැතිවරයා අධ්‍යාපනය නව මඟයට ‍යොමු කරවීමට කටයුතු කර ති‍බෙනවා. ඒ ව‍ගේම යහපාලන ආණ්ඩුව තුළින් සිසුන් රක්ෂණ ක්‍රමයක් හඳුන්වා දුන්නා.

ඩිජිටල් අධ්‍යාපනයක් ලබාදීමට ස්මාර්ට් පංතිකාමර ඇති කිරීමට පියවර ‍ගෙන ති‍බෙනවා. සිසූන්ට පාසල් සපත්තු ලබාදීමට පියව ගනිමින් ඉන්නවා. පාසැල්වල යටිතල පහසුක්ම සංවර්ධනයට ‍මෙවර අයවැ‍යෙන් මුදල් ‍‍වෙන් කර ති‍බෙනවා. වතු පාසල් සඳහා බිලියන 450ක් ‍වෙන් කර ති‍බෙනවා. වතු ජනතාව‍ගේ අධ්‍යාපනය දියුණු කිරීමට අපට හැකියාව ති‍බෙනවා. අපිට අඩුපාඩුකම් මඟහැරවා‍ගෙන ඉදිරියට ‍ගෙන යනවා. ජනාධිපතිතුමා අගමැතිවරයා ‍අධ්‍යාපන විෂ‍‍යෙ තිබුණ අඩුපාඩු ඉවත් කිරිමට කටයුතු කළා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සිසිර ජය‍කොඩි මහතා (එ.ජ.නි.ස) - පැහැසර ගුරුවර‍යෙක් සිටි‍යොත් පමණයි නි‍රෝගිමත් දරුවකු බිහි වන්‍‍නේ. ඒ නිසා උපාධි පාඨමාලා මට්ටමින් ගුරුවරයා සකස් කළ යුතුයි. ගුරු උප‍දේශන වැඩපළට පමණක් ගුරුවරයා බිහි කරන්‍‍නේ නැතිව උපාධි පාඨමාලාව ඇතු‍ළෙම ‍හොඳ ගුරුවරයකු බිහිකිරීමට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුයි.

මඩකලපු දිස්ත්‍රික් මන්ත්‍රී එස්. ශ්‍රීනේෂන් මහතා (එ.ජා.ප) - මෙවර අයවැ‍යෙන් අධ්‍යාපනය ‍වෙන් කර ති‍බෙන්‍‍නේ දළ ජාතික නිෂ්පාදන‍යෙන් සියයට 2.086ක් පමණයි. නමුත් ‍අපට පහළින් ති‍බෙන ‍කෙන්නියාව, මාලදිවයින වැනි රටවල් අධ්‍යපානය සඳහා සියයට 6ක් ‍වෙන් කරනවා. නමුත් අපි හැ‍ටේ දශක‍යේ දී සියයට 4කට වඩා ‍වෙන් කළා. ඒ නිසා අධ්‍යපානයට මුදල් ‍වෙන් කරනවා කියන්‍‍නේ අනාගතයට ආ‍යෝජනයක්.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී එඩ්වඩ් ගුණ‍සේකර මහතා මුලසුනට පැමිණි‍යේය.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වි‍ජේපාල ‍හෙට්ටිආරච්චි මහතා (එ.ජා.ප) - අධ්‍යාපන ක්‍ෂේත්‍රයේ නිදහස ‍වෙනු‍වෙන් මහ‍පොළ ශිෂ්‍යත්ව ‍දෙන්නට පසුගිය කාල‍යේ පියවර ‍ගෙන ති‍බෙනවා. ‍මේ ර‍ටේ පහළ වූ ඇමැතිවරුන් අතර අකිල විරාජ් කාරියවසම් මහතා විශාල වැඩ‍කොටසක් සිදුකර ති‍බෙනවා. සුරක්ෂා රක්ෂණයම විශාල වැඩපිළි‍වෙලක් කියන්න කැමැතියි. ඒ තුලින් අහිංසක දරුවන්ට විශාල සහනයක් ‍වෙනවා.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගම‍ගේ මහතා (එ.ජ.නි.ස) - අධ්‍යාපන අමාත්‍යාංශය සහ ක්‍රීඩා අමාත්‍යාංශය එක්ව වැඩ කිරීම අවශ්‍ය ‍වෙනවා. පාසල් දරුවන්ට ටැබ් ‍බෙදාදීම සහ රක්ෂණ ක්‍රමය ඉතාම ‍හොඳ වැඩක්. විදුහල්පති පුරප්පාඩු පුරවන්න අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් සම්මුඛ පරීක්ෂණ කැඳවා ති‍බෙනවා. නමුත් එතැන විවිධ ගැටලු ති‍බෙනවා. ‍මේ සම්මූඛ පරීක්ෂණයට පැමිණි විදුහල්පතිවරුන්ගෙන් ‍චෝදනා ති‍බෙනවා. ‍මේ පුරප්පාඩු පිරවීම ‍වෙනු‍වෙන් කඩිනමින් පියවර ගතයුතු ‍වෙනවා. වසර 10 ට වැඩි විදුහල්පතිවරු මාරුකරන්න පියවර ‍ගෙන ති‍බෙනවා. ‍පොදු‍වේ ‍හොඳ ප්‍රතිපත්තියකට යායුතු ‍වෙනවා. අධ්‍යාපන අමාත්‍යා‍ශ‍යේ පවතින පුරප්පාඩුවලින් සියයට 95ක් කුරුණෑගල දිස්ත්‍රික්ක‍යෙන් පුරවා ති‍බෙනවා.

එක්සත් ජාතික පක්ෂයට මිනිස්සු ඡන්දය දුන්නේ ගුරුවරුන් දණ ගස්සවන්න ‍හෝ මහ බැංකුව ‍කොල්ල කන්න ‍නො‍වේ. අපි වැරැදි වැරැදි විදියට දකිනවා. ඒක නෑ කියන්නේ නැහැ. ක්‍රීඩා ඇමැතිවරයා ‍කෙතරම් උනන්දුවෙන් කටයුතු කළත් නිලධාරීන්ගෙන් දායකත්වයක් නැතිනම් සාර්ථක වන්නේ නැහැ. දක්ෂ පුද්ගලයන් ‍යොදා‍ගෙන ‍මේ ගමන යායුතු ‍වෙනවා. ‍මේ ර‍ටේ මිනිසුන් තමන්ගේ ආගමට ‍දෙවනුව ක්‍රිකට් ක්‍රීඩාව අදහන තත්ත්වයට පත්වුණා. අපි පසුගිය කාල‍යේ ක්‍රීඩාව ‍වෙනු‍වෙන් යම් ‍සේවයක් කරන්න උත්සාහ කළා. ක්‍රිකට් ක්‍රීඩාව නැංවීම ‍වෙනු‍වෙන් පියවර ගතයුතු ‍වෙනවා.

නි‍යෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතා මුලසුනට පැමිණි‍යේය.

වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නි‍යෝජ්‍ය ඇමැති පාලිත ‍තෙවරප්පෙරුම මහතා - ර‍ටේ සංස්කෘතිය ආරක්ෂා කිරීම ‍වෙනු‍වෙන් අ‍පේ අමාත්‍යාංශය විසින් විශාල ‍මෙ‍හෙයක් සිදුකරනවා. අපි කරන ‍සේවය රටට යන්න අවශ්‍ය ප්‍රතිපාදන ලැබී නැහැ. අ‍පේ අමාත්‍යාංශය ‍වෙනු‍වෙන් පුවත්පතක් මුද්‍රණය කරන්නේ නම් ර‍ටේ ජනතාව දකිනවා. ‍‍මේ සංස්කෘතිය ‍‍බේරා ගන්න හැකියාව ලැ‍බෙනවා නම් අනාගත පරපුර ‍වෙනු‍වෙන් විශාල ‍සේවයක් ‍වෙනවා. අ‍පේ සංස්කෘතිය ‍කෙ‍සේ ‍හෝ දියුණු කළයුතු ‍වෙනවා. අද ර‍ටේ සංස්කෘතිය ඉබ්බාට සමාන ‍කොට විනාශ කරනවා නම් ‍මෙය ‍බේරා ගන්න ‍නොහැකි තරමට සදාචාරය විනාශ වී ති‍බෙනවා.

වන්නි දිස්ත්‍රික් මන්ත්‍රී කාදර් මස්තාන් මහතා (එ.ජ.නි.ස) - අප‍ගේ ප්‍රදේශ‍යේ ක්‍රීඩාංගණ ප්‍රතිසංස්කරණය කළයුතු ‍වෙනවා. උසස් ‍පෙළ උගන්වන පාසල්වලට පහසුකම් ලබාදිය යුතු ‍වෙනවා. වන්නි ප්‍රදේශ‍යේ ක්‍රිකට් ක්‍රීඩාවට පහසුකම් නැහැ. එය ජාතික මට්ට‍මේ ක්‍රීඩකයන් බිහිකරන්න බාධාවක් ‍වෙනවා. දිළිඳුභාවය, ජනතාව අතර පවතින දුරස්ථ බව තුරන් කරන්න අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළින් හැකියාව ලැ‍බෙනවා.

ක්‍රීඩා ඇමැති දයාසිරි ජය‍සේකර මහතා - අපි දැන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව කටයුතු කරනවා. දැන් පාසල් 316 ක ළමයින් ලංකා‍‍වේ පළමුවරට පුහුණු කර‍ගෙන යනවා. ක්‍රීඩාංගණ නඩත්තු කරන්න පළාත් සභාවන්ට මූල්‍ය ශක්තියක් නැහැ. ඒවා නඩත්තු කිරී‍මේ වැඩපිළි‍වෙල අපි විසින් ක්‍රියාත්මක කරනවා.

ක්‍රීඩා‍වේ සංවර්ධනය ‍වෙනු‍වෙන් රුපියල් මිලියන 5, 425ක මුදලක් ‍‍වෙන්කිරීමට අමතරව තවත් රුපියල් මිලියන 3, 450ක මුදලක් මෙවර අයවැ‍යෙන් ‍වෙන්කර ති‍බෙනවා. එය පසුගිය වර්ෂයට සා‍පේක්ෂව සියයට 23ක වර්ධනයක් ‍වෙනවා. 2021 වස‍රේ දී දකුණු ආසියානු ක්‍රීඩා උ‍ළෙල ශ්‍රී ලංකා‍වේ දී පැවැත්වීමට නියමිතව ති‍බෙනවා. ක්‍රීඩා ඉසව් 25ක් ‍වෙනු‍වෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 5, 000ක් පමණ ඊට සහභාගිවීමට නියමිතව ති‍බෙනවා. පාසැල් ක්‍රිකට් නැංවීම, වි‍නෝද ක්‍රීඩා නගරය ඉදිකිරීම ස්ථාපනය කිරීම, දිස්ත්‍රික් ක්‍රීඩා සංකීර්ණ ඉදිකිරීම, කායවර්ධන මධ්‍යස්ථාන සඳහා උපකරණ ලබාදීම, නුවරඑළිය ඉහළ උන්නතාංශ ක්‍රීඩා පුහුණු සංකීර්ණය ඉදිකිරීම, සුගතදාස ක්‍රීඩා සංකීර්ණ අධිකාරිය නවීකරණය කිරීම ආදිය ‍වෙනු‍වෙන් පියවර ‍ගෙන ති‍බෙනවා. ඒ ව‍ගේම ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ රැසක් ලබා‍ගෙන ති‍බෙනවා.

අභ්‍යන්තර කටයුතු, සංස්කෘතික හා වයඹ සංවර්ධන ඇමැති එස්. බී. නාවින්න මහතා‍ - කොළඹ ‍කෞතුකාගාරය ‍සොරුන් බිඳීම සම්බන්ධ‍යෙන් නීතිය ක්‍රියාත්මක කිරිමට නිතිපති ‍දෙපාර්ත‍මේන්තුවට ‍යොමු කර ති‍බෙනවා. පුද්ගලික හැදුනුම්පත් ලබාදි‍මේ ස්මාර්ට් කාඩ්පත ලබාදිම සඳහා ලබාදුන් සමාගමට නිසි ප්‍රසම්පාදන කටයුතුවලට අනුව සිදු කර ඇත. කාඩ් ප‍තේ ගුණාත්මකභාවය ඉතා ඉහළ මට්ටමක ති‍බේ. කලාකරුවන්ට හඳුන්වා දුන් දායක විශ්‍රාම වැටුප්ක්‍රමය සම්බන්ධ විය හැකියි. ඒ සඳහා මුදල් ‍වෙන් කර ති‍බෙනවා. ප්‍රාග්ධන මුදල වැඩිකිරගැනීමට අප කටයුතු ‍යොදා ති‍බෙනවා. ‍මේ වන විට කලාකරුවන් පනහකට වැඩි‍යෙන් ‍මෙම දායක විශ්‍රාම වැටුපට එකතුවී ති‍බෙනවා. ආගමන විගමන ‍දෙපාර්ත‍මේන්තුව කාර්යක්ෂම හා විධිමත් අයුරින් කටයුතු කිරීමට වැඩපිළි‍වෙළක් සකස් කර ති‍බෙනවා. ‍මේ ව‍රස‍රේ වීසා ලක්ෂ 17ක් නිකුත් කර ති‍බෙන අතර ඒ සඳහා රුපියල් මිලියන9000ක අදායමක් ලබා‍ගෙන ති‍බෙනවා. ද්විත්ව පුරවැසිභාවය ප්‍රදානය කිරීම තුළින් රුපියල් මිලියන 3000ක ආදායමක් ලබා‍ගෙන ති‍බෙනවා. සමස්තයක් වශ‍යෙන් ගත්විට ආගමන විගමන ‍දෙපාර්ත‍මේන්තුව විසින් 2016 වස‍රේ දී මිලියන 16, 000ක් උපයා දී ති‍බෙනවා. නව විද්‍යුත් වි‍දේශ ගමන් බලපත්‍රයක් හඳුන්වාදීමට අපි ඉදිරි‍යේ දී කටයුතු කිරීමට බලා‍පො‍රොත්තු ‍වෙනවා.

ක්‍රීඩා නි‍යෝජ්‍ය ඇමැති එම්. හරීස් මහතා - දිස්ත්‍රික් මට්ටමින් පවතින ක්‍රීඩාගංණ නඩත්තු කිරීමට අවධානය ‍යොමු කර ති‍බෙනවා. සුගතදාස අධිකාරියට යට‍තෙට ‍ගෙන ‍මෙම දිස්ත්‍රික් ක්‍රීඩාංගණ සංවර්ධනය කිරිමට හා නඩත්තු කිරිමට පියවර ගන්නවා. ‍මොකද ‍පළාත් පාලන ආයතනවලට ‍මෙවැනි විශාල ක්‍රීඩාංගණ නඩත්තු කිරීමට හැකියාවක් නැහැ.

අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා - ‍‍මේ වස‍රේ බිලියන 10ක් තවත් අධ්‍යාපනය ‍ලැබීමට නියමිතය. එවිට ‍මේ වසර සඳහා ‍වෙන් කළ සියලු මුදල් අවසන් ‍වෙනවා. මුදල් ගලාඒ‍මේ ප්‍රමාදයක් තිබුණා. ‍මොකද පැවැති අයහපත් කාලගුණ තත්ත්වයන් නිසා ඒවට මුදල් ‍යොදන්න වූ නිසයි. 2018 වන විට සියළුම පාසල්වල විදුලිය ලබාදීමට කටයුතු කරනවා. තවත් වැසිකිලි 26, 000ක් ඉදිකිරීමට කටයුතු කර ති‍බෙනවා. විද්‍යාගාර 3100 දක්වා වැඩි කළා. ජගම විද්‍යාගාර 3600 දක්වා වැඩි කළා. තාක්ෂණ විද්‍යාගාර 250ක් අප ඉදිකර ති‍බෙනවා. තවත් 35ක් ඉදිකරමින් යනවා.

පංති කාමර 5300ක් පසුගිය වසර ‍දෙකතුළ දී ඉදි කළා. ළඟම පාලස ‍හොඳම පාසල යට‍තේ තාක්ෂණ විද්‍යාගාර 251 හා උප‍දේශනාගාර 261ක් ඉදිකරමින් පවතිනවා. පාසල් 6000ක් අළුත්වැඩියා සිදුකරමින් ති‍බෙනවා. පාසල් දන්ත ශල්‍ය ඒකක 99ක් ඉදිකර ති‍බෙනවා. ක්‍රීඩා පහසුකම් ලබා දී ති‍බෙනවා. වතු පාසල් 39ක අළුත් වැඩියා සිදු කර ති‍බෙනවා. ‍පො‍ළොන්නරුව ‍ත්‍රෛයිභාෂා පාසල් ‍ ඉදිකර ති‍බෙනවා. ගුරු නිවාස ඉදිකර ති‍බෙනවා. විද්‍යාපීඨ දිමනා වැඩි කර ති‍බෙනවා. රාජ්‍ය ‍සේවක දීමනා වැඩි කළා. ඊට අමතරව පළමු ‍ශ්‍රේණි‍යේ විදුහල්පති දීමනා කැබිනට් පත්‍රිකාවකින් වැඩි කළා. ගුරු මාරු ප්‍රතිපත්තිය අප ක්‍රියාත්මක කරනවා. ඉදිරි‍යේදි 15, 000ක් පමණ ගුරුවරු ස්ථාන මාරු කරනවා. සැමට නීතිය අනුව අප කටයුතු කරනවා. කියවීම වර්ධනය කිරීමට මිලියන 700ක ‍පොත් මිල දී ‍ගෙන පාසල් පද්ධතියට ‍යොමු කරනවා. ‍

පොත් පනහක් කියපු ‍කෙනකුට ‍‍ලෝකඩ පදක්කමත් සියයක් කියපු ‍කෙ‍නෙකුට රීදි පදක්කමත් ‍දෙසීයක් කියපු ‍කෙ‍නෙකුට රන් පදක්කමක් ලබාදීමට අප කටයුතු කරනවා. සුරක්ෂා රක්ෂණ මඟින් දරුවන් රක්ෂණය කර ති‍බෙනවා. වසර 13ක අඛණ්ඩ අධ්‍යාපනයක් සඳහා ගුරුවරු බඳවා ගැනීමට අප කටයුතු කරමින් ති‍බෙනවා. අසමත්වන සෑම දරුවකුම වෘත්තීය පුහුණුවට ‍යොමු කිරී‍මේ වැඩපිළි‍වෙළක් අපි ක්‍රියාත්මක කරනවා. ‍මේ සියල්ල මගින් අ‍පේ ර‍ටේ සමස්ත අධ්‍යාපනය ඉහළ තැනයකට ‍ගෙනඒමට කටයුතු කරනවා. අධ්‍යාපන‍‍යේ විප්ලවීය ‍වෙනසක් ඇති කරනවා. නවීන ‍ලෝකයට ගැල‍පෙන අධ්‍යාපනයක් බිහි කිරීමට කටයුතු කරනවා ‍සේම ඒ සඳහා යටිතල පහසුකම් ලබාදිමට කටයුතු කරනවා. ස්මර්ට් පංතිකාරමර, ටැබ් පරිගණක හා ලැප්‍ටොප් ලබාදීමට අප කටයුතු කරනවා.

විශ්වාසභංගය අද බාර‍ෙදනවා
- අනුර කුමාර දිසානායක

පළාත් පාලන මැතිවරණය හිතාමතා උපක්‍රමිකව කල් දැමීමට කටයුතු කිරීම සම්බන්ධ‍යෙන් පළාත් පාලන ඇමැතිවරයාට එ‍රෙහිව විශ්වාසභාංග ‍යෝජනාවක් ජනතා විමුක්ති ‍පෙරමුණ මඟින් කතානායකවරයාට අද (25) භාර ‍දෙන බව ජවි‍පෙ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

ජනාධිපති නීතිඥවරයකු වූ ඇමැති ෆයිසර් මුස්තාපා මහතා සීමා නීර්ණ ගැසට් නි‍වේදනය අධිකරණයට යා හැකි පරිදි අඩුපාඩු සහිතව ගැසට් කිරී‍මෙන් සිය කාර්යභාරය නිසිපරිදි ඉටු කර ‍නොමැති බවත් ‍පොදු මහජනතාව බලා‍පො‍රොත්තු වන ඡන්ද කල්දැමීමට එ‍රෙහි සියලු මන්ත්‍රීවරුන්ට එක්වන ලෙස තමන් ඉල්ලා සිටින ‍ලෙසත් දිසානායක මහතා පැවසීය.

‍මේ වන විට ඒකාබද්ධ විපක්ෂය ද විශ්වාසභංග ‍යෝජනාවක් භාරදී ඇති බව පැවසූ දිසානායක මහතා තමන් නිශ්චිතවම විශ්වාසය කඩ කර ඇති ‍හේතුව දන්නා ‍හෙයින් ජනතා විමුක්ති ‍පෙරමු‍ණේ ‍යෝජනාව භාර‍දෙන බවද ඒකබද්ධ‍යේ ඉදිරිපත් කළ ‍යෝජනාවට සහාය දක්වන බවද පැවසීය.

වැයශිර්ෂ සම්මත විය. පාර්ලිමේන්තුව අද (24) පෙරවරු 9.30ට යළි රැස්වේ.

නව අදහස දක්වන්න