අතිපූජ්‍ය මාතලේ අමරවංශ නාහිමියන්ට අවසන් ගෞරව | දිනමිණ

අතිපූජ්‍ය මාතලේ අමරවංශ නාහිමියන්ට අවසන් ගෞරව

අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහෝපාධ්‍යාය අතිපූජ්‍ය මාතලේ අමරවංශ නාහිමියන්ගේ ශ්‍රී දේහයට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අවසන් ගෞරව දැක්විය.
 
උන්වහන්සේගේ ශ්‍රී දේහය තැන්පත් කර ඇති නාත්තණ්ඩිය, තබ්බෝව බෝධිමාලක පුෂ්පාරාම විහාරස්ථානය වෙත අද (24) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වූ අතර ශිෂ්‍ය සහ විහාරස්ථ භික්ෂුන් වහන්සේලා වෙත සිය සාතිශය සංවේගය පළ කළේය.
 
1956 ජනතා රජය බිහිකිරීමෙහි ලා එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ට තරුණ භික්ෂුන් වහන්සේ නමක් ලෙස දැවැන්ත ශක්තියක් වූ මාතලේ අමරවංශ නාහිමිපාණන් වහන්සේ  එදා මෙදා තුර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දීප්තිමත් යුගයන්හි මෙන්ම අවශේෂ කාලපරිච්ඡේදයන්හි ද පක්ෂයේ පැවැත්ම වෙනුවෙන් පෙනී සිටියහ.

නව අදහස දක්වන්න

Or log in with...