රෝගීන්ට සරණක් | දිනමිණ

රෝගීන්ට සරණක්

ගම්පහ පිළිකා සුව සරණ සාධු සමාජය මගින් වාර්ෂිකව සිදුකරන පිළිකා රෝගී සුවසත්කාරය ෙම් සෙනසුරාදා දින ගම්පහ සමාරා උත්සව ශාලාවේදී පෙ.ව. 8.30 සිට දිනය පුරා පැවැත්වේ. මෙදින රෝගීන් සඳහා වෛද්‍ය උපදේශන, විනෝදාත්මක ක්‍රියාකාරකම් , තිළිණ ප්‍රදානය හා නව ප්‍රතිලාභීන් වෙත මූල්‍යාධාර පිරිනැමීම සිදු කෙරේ. මේ සඳහා ගම්පහ දිස්ත්‍රික්කයේ ආර්ථික අපහසුකම් ඇති, අඩු ආදායම්ලාභී පිළිකා රෝගීන් 500 ට පමණ දැනටමත් ආධාර කර ඇති අතර ගම්පහ දිස්ත්‍රික් රෝහල මේ සඳහා විශාල සහයෝගයක් ලබා දී ඇත. මෙය පිළිකා රෝගයෙන් අසරණ වූ රෝගීන්ට දැඩි සහනයකි. මෙය අගය කළ යුතු මහා කාර්යයකි.

මදුෂාන් එරන්ද

නව අදහස දක්වන්න