රාජ්‍ය බැංකු කළමණාකරුවෙකුට තර්ජනය කළැයි පැමිණිල්ලක් | දිනමිණ

රාජ්‍ය බැංකු කළමණාකරුවෙකුට තර්ජනය කළැයි පැමිණිල්ලක්

රාජ්‍ය බැංකුවක ශාඛා කළමණාකාරවරයෙකුට තර්ජනය කර, රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස, එම රාජ්‍ය බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය විසින් පොලිස් මූලස්ථානය වෙතින් ඉල්ලීමක් කර ඇත.

වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් බවට හඳුනාගෙන ඇති පිරිසක් අම්පාර ශාඛා පරිශ‍්‍රය වෙත බලහත්කාරයෙන් ඇතුලූ වී මෙලෙස ක්‍රියාකර ඇති බව ශාඛා කළමණාකාරු සහ ප‍්‍රාදේශීය කළමණාකාරු විසින් බැංකු කළමණාකාරීත්වය දැනුවත් කිරීමෙන් පසුව, මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ. 

මේ සම්බන්ධයෙන් සිද්ධිය සිදු වූ 2017 නොවැම්බර් මස 20 වැනිදාම අදාල ශාඛා කළමණාකාර විසින් අම්පාර මූලස්ථාන පොලීසිය වෙත ද පැමිණිලි කිරීමට කටයුතු කර ඇති බව සදහන්.

යම් මහජන බැංකු සේවකයකු ආයතනික විනය රීතීන් උල්ලංඝනය කර ඇති බව සනාථ වුවහොත් තරාතිරම නොබලා ආයතනික පැවැත්ම පිළිබඳ වූ විනය සංග‍්‍රහයේ ප‍්‍රතිපාදනයන් ප‍්‍රකාරව කටයුතු කරන බව මහජන බැංකුවේ කළමණාකාරීත්වය පවසයි.

නව අදහස දක්වන්න