ATM හොරු ගැන තොරතුරු සොයයි | දිනමිණ

ATM හොරු ගැන තොරතුරු සොයයි

 ඒ. ටී.එම්. කාඩ්පත්වල දත්ත සොරකම් කර ඒ මගින් අනවසර ගණුදෙනු කරන ලද සැකකරුවන් දෙදෙනෙකු සම්බන්ධයෙන් මහජන බැංකු මූලස්ථානය විසින් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කළ දැනුම් දීමකට අනුව විමර්ශන ආරම්භ කර ඇත.

මෙම අපරාධය සම්බන්ධයෙන් රත්නපුර, කුරුවිට, අකුරණ මහජන බැංකු ශාඛාවල සීසීටීවී කැමරා පද්ධතිවල සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳව සටහන් වී තිබේ. රුපියල් ලක්‍ෂ 03කට අධික මුදලක් ඔවුන් විසින් ඒ. ටී. එම් කාඩ්පත් මගින් ලබාදෙන ඇති බවට කරුණු අනාවරණය වී ඇත.

එබැවින් මොවුන් සම්බන්ධයෙන් පොලිසිය තොරතුරු සොයනු ලැබේ.

තොරතුරක් වෙතොත් 011-2326670, 011-2320141 හෝ 011-2320145 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස පොලිස් මූලස්ථානය මහජනතාවට දැනුම් දෙනු ලැබේ.

නව අදහස දක්වන්න