තිගාම්බරම් යළි කම්කරු ජාතික සංගමයේ සභාපති ධූරයට | දිනමිණ

තිගාම්බරම් යළි කම්කරු ජාතික සංගමයේ සභාපති ධූරයට

 කම්කරු ජාතික සංගමයේ සභාපති ලෙස අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා නැවත තේරීපත්ව ඇත.

අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා නායකත්වය දරණ කම්කරු ජාතික සංගමයේ 15 වැනි සංවත්සරය හැටන් ඩී කේ ඩබ්ලිව් ශාලාවේදී ඊයේ (26) පැවැත්වූ අතර එහිදී නව නිලධාරී මණ්ඩලයක් පත්කරගනු ලැබීය.

ඒ අනුව කම්කරු ජාතික සංගමයේ සභාපති ධුරය සඳහා හිටපු සභාපති අමාත්‍ය පලිනි තිගාම්බරම් මහතා ඒකමතිකව නැවත තේරීපත්විය.

කම්කරු ජාතික සංගමයේ ලේකම් ලෙස එස් පිලිප් මහතා ද, නියෝජ්‍ය ලේකම් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම් තිලකරාජ් මහතා ද, භාණ්ඩාගාරික ජේ. එම් සෙබස්තියන් මහතා ද, උප භාණ්ඩාගාරික ලෙස එස් සීධරන් මහතා ද, ජාතික සංවිධායක ලෙස ජී නගුලේෂ්වරන් මහතා ද තේරී පත්ව තිබේ.

කම්කරු ජාතික සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස මධ්‍යම පළාත් සභා මන්ත්‍රී සින් පොන්නයියා මහතා මෙහෙදී පත් කර ගැණුනි.

කම්කරු ජාතික සංගමයේ කාන්තා නායකත්වය පළාත් සභා මන්ත්‍රීනි සරස්වතී ශිවගුරු මහත්මියට හිමි වූ අතර තරුණ නායකත්වය බී සිවනේශන් මහතාට හිමි විය.

මීට අමතරව කම්කරු ජාතික සංගමයේ දිස්ත්‍රික් මට්ටමින් නායකයින්ද මෙහිදී පත්කරගනු ලැබීය.

මෙම අවස්ථාව සඳහා වතු ප්‍රජාව නියෝජනය කරන සෑම දිස්ත්‍රික්කයකම කම්කරු ජාතික සංගමයේ වතු නායකයින් සහභාගීවී සිටියහ.

මෙහිදී අදහස් දැක්වූ ජාතික කම්කරු සංගමයේ නායක අමාත්‍ය පලනි තිගාම්බරම් මහතා කියා සිටියේ තමා තවදුරටත් වැවිලි ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහල නැංවීම සඳහා කැපවී කටයුතු සිදුකරන බවය. තම සංගමයේ තනතුරුවලට පත්වූ සෙසු අයද සිය ජනතාවගේ උන්නතිය උදෙසා කැපවිය යුතු බව අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය.

නව අදහස දක්වන්න