අයහපත් කාලගුණය සම්බන්ධයෙන් රතු නිවේදනයක් | දිනමිණ

අයහපත් කාලගුණය සම්බන්ධයෙන් රතු නිවේදනයක්

දිවයින ආශ්‍රිත මුහුද ඉතා රළු විය හැකි බැවින් මුහුදු යාමෙන් වළකින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ධීවර ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

අධික වර්ෂාවත් සමග මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල හා ඇල්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ මහනුවර දිස්ත්‍රික්කයේ මැදදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට නිකුත් කළ නාය යාමේ අනතුරු ඇඟවීම් තවදුරටත් කොත්මලේ ජලාශ්‍රයේ වාන් දොරටුවක් විවෘත කෙරේ.

ඔහිය හා ඉදල්ගස්හින්න අතර පස් කඳු කඩා වැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් නානුඔය දක්වා සීමා කෙරේ.

දිවයින ආශ්‍රිතව පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් බවට වර්ධනය වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව පවසන්නේ, දකුණු, සබරගමුව, මධ්‍යම, ඌව සහ බස්නාහිර පළාත්වල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බව ය.

දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තද වැසි සහ සුළං හැකි විය හැකි අතර සුළඟේ වේගය පැයට කිලෝමීටර 70-80 දක්වා වැඩි විය හැකි ය.

මේ හේතුවෙන් ධීවර හා නාවික ප්‍රජාවට විමසිලිමත්ව සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

නව අදහස දක්වන්න