රට යන මුදලට වැට බඳින කම්හලක් | දිනමිණ

රට යන මුදලට වැට බඳින කම්හලක්

පාණදුර සමුහ කපිල සෝමරත්න

දුම්රිය දෙපාර්තමේන්තුව විසින් දුම්රිය මාර්ගවල පීලි මුට්ටුකරන විට උපයෝගිකරගන්නා ෆිෂ් ප්ලේට් ටී සොකට් Fish Plate Tee Sockets නමැති උපාංගය ඉන්දියානු සමාගම් වලින් ගෙන්වීම සඳහා වර්ෂයකට විශාල මුදලක් දුම්රිය දෙපාර්තමේන්තුව මගින් වැය කර ඇත. දැනටමත් ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ටී සොකට් හිඟයකට මුහුණ පා ඇති බව වාර්තාවේ. මේ සඳහා මෙම වර්ෂය මුලදී කැඳවන ‍ලද ටෙන්ඩර් මේවන විටත් විවෘත කර නැත්තේ දුම්රිය දෙපාර්තමේන්තුව මුදල් අර්බුදයකට මුහුණපා ඇති නිසා යැයි පැවසේ. ඒ අතර අදාළ ප්‍රමිතියට අනුකුලව මෙම භාණ්ඩය පුහුණුව ලැබු කාර්මික ශිල්පින් ලවා විශේෂඥ උපදෙස් මත නිෂ්පාදනය කිරීම පාණදුර පරත්තේ කාර්මාන්ත ශාලා හිමියකුවු රෝයල් වසන්ත පෙරේරා මහතා ආරම්භ කර ඇත. කර්මාන්ත ක්ෂේත්‍රයට අවශ්‍ය නව නිශ්පාදන භාණ්ඩ නිපදවීම ගැන අවුරුදු 25 ක පලපුරුද්දෙන් ලැබු අත්දැකිම් නිසා ඒ මහතා දේශමාන්‍ය දේශමාමක ව්‍යාපාරිකයකු ලෙසද රජයෙන් උපහාර ලබා ඇත.

දීප ව්‍යාප්ත රබර් සහ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්්පාදන ක්ෂේත්‍ර තරගයට සහභාගිවී රොයල් වසන්ත පෙරේරා මහතා පළමු ස්ථානයද දිනා ‍ගෙන ඇත.

මෙම තරගාවලිය වර්ෂ 2010දී දීප ව්‍යාප්තව පවත්වා ඇත්තේ ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය විසිනි.

රජයේ කර්මාන්ත අංශයේ අනුමැතිය ලබාගෙන නිෂ්්පාදනය කර ඇති ෆිෂ් ප්ලේට් ටී සොකට් තොගයක් මෙම කර්මාන්තකරු විසින් දුම්රිය දෙපාර්තමේන්තුව ටෙන්ඩරයක් මගින් ඉකුත් වසරේදී අලෙවි කර ප්‍රසංසා ලබා ඇත.

එම භාණ්ඩය නිපදවීම සඳහා අමුද්‍රව්‍ය ගෙන්වාගෙන ඇත්තේ චීන රටේ කර්මාන්තශාලාවකිනි. එම කර්මාන්තශාලාවේ වි‍ශේෂඥයකුගේ උපදෙස් පාණදුර පරත්තේ පිහිටි කර්මාන්තශාලාවේ කාර්මිකයින්ට ලබාදී ඇතැයි රෝයල් වසන්ත පෙරේරා මහතා පැවසීය.

රජය ආරම්භකර ඇති සංවර්ධන ක්‍රියාවලියට අතදීමක් වශයෙන් ෆිෂ් ප්ලෙට් ටී සොකට් දැනට බහුජාතික සමාගම් මගින් ඉන්දියාවෙන් ගෙන්වා දුම්රිය දෙපාර්තම්න්තුවට අලෙවි කර විශාල ලාභයක් ලබයි. ඉන්දියාවෙන් මෙම ෆිෂ් ප්ලේට් ටී සොකට් ගෙන්වන විට එකක වටිනාකම රුපියල් 2000ක් පමණවේ. එහෙත් පරත්තේ කර්මාන්තශාලාවේ කාර්මිකයින් විසින් නිර්දේශ මත නියමිත ප්‍රමිතියට අනුව නිපදවන විට වැයවන්නේ රුපියල් 500 කටත් වඩා අඩු මුදලක් බව රෝයල් වසන්ත පෙරේරා මහතා පවසයි.

ෆිෂ් ප්ලේට් ටී සොකට් මෙම කර්මාන්තශාලාවේ නවින තාක්ෂණය මත විශේෂඥ, දැනුම උපයෝගිකරගෙන නියමිත ප්‍රමිතියට අනුව නිපදවීමෙන් ඉන්දියාවට ඇදීගිය රුපියල් කෝට් ගණනක විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිවී ඇති බව රෝයල් වසන්ත පෙරේරා මහතා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා, ප්‍රධාන කැබිනට්

මණ්ඩලයට සහ දුම්රිය දෙපාර්තමේනතුවේ උසස් නිලධාරින්ට පෙන්වා දෙයි. මෙම භාණ්ඩය නිපදවීම සඳහා රජයේ කර්මාන්ත අංශයෙන් අනුමැතියද ලැබී ඇත.

රජයේ සහය ලැබෙන්නේ නම් දේශීය කර්මාන්තයක් ලෙස මෙම කර්මාන්තය පුළුල් කළ හැකි බව ඒ මහතාගෙ අදහස වී ඇත. සිරිලක දේ සිරිසැප දේ යන අරමුණ ඇතිව ආරම්භ කර ඇති කර්මාන්ත ව්‍යාපාරය විවිධාකාර නයිලෝන් උපාංගද විවිධ ඉහළ ප්‍රමිතියකින් යුතුව නිපදවනු ලැබේ. ඉකුත්දා ඩෙංගු මදුරුවන් සඳහා පැරණි වෙද වට්ටෝරුවක් අනුව ඔවුන් නිපදවු මදුරු නාශක දියරයද ඉතා ජනප්‍රියතත්වයකට පත්ව ඇත. විවිධ කාර්මික භාණ්ඩ නිපදවන මෙම කර්මාන්ත ශාලාවෙන් දැනට පාණදුර පරත්තේ ගැමි තරුණ තරුණියන් 150 කට පමණ රැකියා සපයා ඇත.

නව අදහස දක්වන්න