දළ පූට්ටුවා ඝාතනයට තුවක්කුවත් සමඟ 6ක් අල්ලයි | දිනමිණ

දළ පූට්ටුවා ඝාතනයට තුවක්කුවත් සමඟ 6ක් අල්ලයි

අනුර ප්‍රේමලාල් සහ චන්දිමා කරුණාරත්න

“දළ පූට්ටුවා” හස්ති රාජයාගේ ඝාතනය සම්බන්ධයෙන් පුද්ගලයින් 06 දෙනෙකු අදාළ ගිනි අවියද සමග අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

අඹන්පොළ පොලිස් ස්ථානයේ නිලධාරින් පිරිසක් විසින් සිදු කළ විමර්ශනයකදි ඉකුත්(30) රාත්‍රී සැකකරුවන්  දෙදෙනකුද ඊයේ (01) තවත් සැකකරුවෙකු ඇතාට වෙඩි තැබීමට යොදා ගත් බවට සැකකෙරෙන ගිනි අවියක්ද සමග අත්අඩංගුවට ගෙන ඇත.

එහි සැකකරුවන් සතුව තිබී ඇත් දළ කැපීම සඳහා යොදා ගන්නා කියත් පටි කිහිපයක් සහ කැප් තුවක්කුවක් පොලිසිය විසින් සොයාගෙන තිබේ. සැකකරුවන් හොරොව්වැව ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් බව සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙහෙයුම් අධ්‍යක්ෂ මංජුල අමරරත්න මහතා ‘දිනමිණ‘ කළ විමසුමකදි පැවසුවේ ඇමති ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාගේ උපදෙස් අනුව ගල්ගමුව දළ පූට්ටුවා හස්ථියා ඝාතනය කිරීම සම්බන්ධ පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇති බවයි. මේ සඳහා වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව සියලු සහයෝගය ලබාදීමට කටයුතු යොදා ඇත. 

නව අදහස දක්වන්න