විදුලිය බිඳ වැටීම් දැනුම් දෙන්න දුරකථන අංක | දිනමිණ

විදුලිය බිඳ වැටීම් දැනුම් දෙන්න දුරකථන අංක

සුභාෂීණී සේනානායක

දැඩි වර්ෂාව හා සුළං හේතුවෙන් දිවයින පුරා විදුලිය විසන්ධිවීම් රැසක් වාර්තාවී ඇති බව පවසන විදුලි බල හා බල ශක්ති අමාත්‍යාංශය විදුලිය බිඳ වැටීම් සම්බන්ධයෙන් දැනුම් දීමට විශේෂ දුරකථන අංක කිහිපයක් හඳුන්වාදී ඇත.

ඒ අනුව විදුලි බල මණ්ඩලයට 1901 අංකය ඇමතීමෙන් විදුලිය බිඳ වැටීම් දැනුම් දිය හැකි බවත් ලංකා විදුලි බල මණ්ඩලයට 1987 යන අංකය ඔස්සේ ද ලංකා විදුලි පෞද්ගලික සමාගමට 1910 අංකය ඔස්සේ විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් දැනුම් දෙන ලෙස අමාත්‍යාංශ්‍ය දන්වා සිටි.

කළුතර හා රත්මලාන ප්‍රදේශවල විදුලි බිඳ වැටීම් සම්බන්ධයෙන් 0114418418 අංකයට හා දකුණු පළාතේ එවැනි සිදුවීම් සම්බන්ධයෙන් 0714238623 අංකයට දැනුම් දෙන ලෙස විද්ලි බල හා බලශක්ති අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටි. 

 

නව අදහස දක්වන්න