උෂ්ණත්වය සෘණ අංශක 50යි, ඒත් පාසල් විවෘතයි | දිනමිණ

උෂ්ණත්වය සෘණ අංශක 50යි, ඒත් පාසල් විවෘතයි

ශීත සෘතුවේ සයිබීරියාවේ කුඩා නගරයක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක සෘණ 50 (ෆැරන්හයිට් සෘණ 58) දක්වා පහත වැටී තිබුණත් නගරයේ දරුවන් තවමත් පාසල් යන බව වාර්තාවේ.

රුසියාවේ ඊශාන දිග සයිබීරියානු සඛා ජනරජයේ (Sakha Republic) පිහිටි ඔයිමිකොන් (Oymyakon) නගරයේ හිම මිදී තිබුණත් ප්‍රදේශවාසී දරුවන් ඒ ගැන එතරම් තැකීමක් නොකරන බව News.Ykt.Ruප්‍රාදේශීය වෙබ් අඩවිය වාර්තා කරයි.

එබැවින් උණුසුම් ඇඳුම් පැළඳුම්වලින් සැරසී ඔවුහු තවමත් පාසල් යති.

ඔයිමිකොන් නගරයේ උෂ්ණත්වය සෘණ 52 දක්වා පහළ වැටුනහොත් පමණක් පළමු වසරේ සිට පස් වෙනි වසර දක්වා පාසක වසා දැමීම ප්‍රාදේශීය බලධාරීන්ගේ ප්‍රතිපත්තියය.

"ඊයේ උදේ තිබුණ උෂ්ණත්වය සෘණ අංශක 50ක්. සේරම දරුවෝ පාසල් ආව," ඔයිමිකොන් පරිපාලනයේ නිලධාරියෙක් එම වෙබ් අඩවියට පවසා තිබුණි.

(බී.බී.සිය ඇසුරෙනි)

නව අදහස දක්වන්න