මිය ගිය ධීවරයන් වෙනුවෙන් වන්දි මුදලින් ලක්ෂයක් | දිනමිණ

මිය ගිය ධීවරයන් වෙනුවෙන් වන්දි මුදලින් ලක්ෂයක්

ආපදා හේතුවෙන් මියගිය ධීවරයන් අට දෙනකු වෙනුවෙන් රුපියල් ලක්ෂය බැගින් වන්දි පිරිනැමීම ස්වදේශ කටයුතු ඇමති වජිර අබේවර්ධන  මහතාගේ අතින් සිදුවිය. ජනාධිපතිතුමාගේත් අගමැතිතුමාගේත් උපදෙස් අනුව එම ධීවරයන්ගේ නිවෙස්වලට ගිය ඇමැතිවරයා ගොස් ඥාතීන් හමුවී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේත් ශෝකය පිරිනැමීය.

රජයෙන් මියගිය පුද්ගලයකු වෙනුවෙන් රුපියල් ලක්ෂ 10 බැගින් ලබාදීමට තීරණය කර තිබෙන බවද නිවෙස්වලට ගොස් ලබාදුන්නේ එම මුදලින් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් ලක්ෂය බැගින් බවද, ඒ අවමංගල්‍ය කටයුතු සඳහා වියදම් දැරීමට සඳහා බවද ඉදිරි දින කිහිපයේ දී ඔවුන්ට ඉතිරි ලක්ෂ නවයත් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බවද ඇමතිවරයා පවසයි

අත්තිකාරම් මුදල් ලබා දීමේ අවස්ථාවට ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මොහාන් පී ද සිල්වා දකුණු පළාත් සභා මන්ත්‍රී සංජීව් කරුණාතිලක යන මහත් වරුද එක්වී සිටියහ.

ගාල්ල උතුර සමූහ

 

නව අදහස දක්වන්න