මාධ්‍යයට සිදු වූ පහරදීම්වලට මූලිකත්වය දෙන්න | දිනමිණ

මාධ්‍යයට සිදු වූ පහරදීම්වලට මූලිකත්වය දෙන්න

මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන්ට සිදුවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සඳහා මූලිකත්වය ලබා දී කටයුතු කරන ලෙස පරීක්ෂණ කරන ආයතනවලට නියෝග කර ඇති බව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක පවසයි.

අමාත්‍යවරයා එසේ ප්‍රකශ කලේ මාධ්‍යවේදීන්ට හා මාධ්‍ය ආයතනවලට එරෙහි ප්‍රචණ්ඩත්වය පිටුදැකීමේ ජාත්‍යන්තර දින සැමරුම් උත්සවයට අද එක්වෙමිනි.

මාධ්‍යවේදීන්ට සිදු වූ බලපෑම් සම්බන්ධ ඇතැම් සිද්ධිවල සාක්ෂි පවා විනාශ කිරීමට අපරාධකරුවන් කටයුතු කර ඇති බව ද අමාත්‍යවරයා සදහන් කළේය.

ඇතැම් අපාරාධවලට සම්බන්ධ තොරතුරු ඇතුළත් වාර්තා පවා විනාශ කර ඇති අතර තත්ත්වය එසේ වුවත් අදාළ සිද්ධි පිළිබඳ පරීක්ෂණ මේ වන විට විශාල ප්‍රගතියක් අත්පත් කරගෙන ඇති බව ද අමාත්‍යවරයා පැවසීය.

එසේම මේ පිලිබඳ සොයා බැලීමට නව නීති රීති හඳුන්වාදෙන බව ද ඔහු සදහන් කළේය.

මේ එහි දී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා ...

ප්‍රගීත් එක්නැලිගොඩ වැනි සිද්ධිවල දී මළ සිරුර හමු නොවී ඝාතන චෝදනා ගොනු කිරිම සඳහා අවශ්‍ය නව නීති රීති හඳුන්වාදිය යුතු නම් ඒ සඳහා ද පසුබට නොවිය යුතුයි.

අදාළ පරීක්ෂණ පැවැත්වීමට කොතරම් දුෂ්කරතා ඇතිවුව ද ඒ සියලු සිද්ධි පිළිබඳ පරීක්ෂණ පවත්වා වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනවා.

මේ උදයන් පුවත්පතේ කර්තෘ දේවනායගම් ප්‍රේමානන්ද දැක් වූ අදහස් ...

අප පුවත්පත් ආයතනයට පසුගිය චෝගම් උත්සවයෙන් පසු කාලය තුළදී ඇතිවූ බලපෑම් පිළිබඳ පරීක්ෂණ සිදුවනවා ද යන්න පිළිබඳවවත් දන්නේ නැහැ.

එසේම අවස්ථා 37 කදී තම ආයතනයට බලපෑම් සිදුව තිබෙනවා.

උදයන් කතුවරයාගේ ප්‍රක්ෂයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය සාගල රත්නායක අදාළ සිද්ධි පිළිබඳ තමාට තොරතුරු ලබා දෙන ලෙස පැවසූ අතර එම තොරතුරු ඇතුළත් ලිපි ගොණුවක් උදයන් කතුවරයා විසින් එහිදී අමාත්‍යවරයාට ලබා දෙන ලදී.

උදයන් පුවත්පතේ කර්තෘවරයා ලබා දුන් තොරතුරු ඇතුලත් ලිපිගොණුව නීතිය හා සාමය සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශයේ ලේකම්වරයා මඟින් පොලිස්පතිවරයාට ලබා දීමට අමාත්‍ය සාගල රත්නායක කටයුතු කළේය.

එසේම මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට සිදුවූ බලපෑම් සම්බන්ධ පැමිණිලි විමර්ශන කටයුතුවල ප්‍රගතිය පිළිබඳ පොලිස්පති පූජිත් ජයසුන්දරන්ගෙන් ද අමාත්‍යවරයා විමසීමක් කළේය. 

 

නව අදහස දක්වන්න