‘2030දී අපි‘ යොවුන් සංවාද සහ සංවර්ධන වැඩසටහන | දිනමිණ

‘2030දී අපි‘ යොවුන් සංවාද සහ සංවර්ධන වැඩසටහන

දිවයින පුරා 350 කට අධික යෞවන සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවේ ව්‍යවසායකත්වය, නවෝත්පාදනය සහ නායකත්වය පිළිබඳ සංවාදයක් ඇතිකරනු පිණිස සන්නිවේදන සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය, ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය, ජාතික යොවුන් සේවා සභාව, තොරතුරු සහ සන්නිවේදන තාක්‍ෂණික ආයතනය සහ යුනිලීවර් සමාගම එක්ව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි අනුග්‍රහයෙන් පැවැත්වෙන ‘2030 දී අපි‘ යොවුන් සංවාද සහ සංවර්ධන වැඩසටහනෙහි විද්වත් මණ්ඩල සාකච්ඡාව පසුගියදා පැවැත්විණි.

එහි දී යුනිලීවර් ආයතනයේ සභාපති කාල් කෲස් මහතා, සෙලින් හෑන්ඩ්ලූම්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිනී සෙලිනා පීරිස් මහත්මිය, සිටි ආයතනයේ ශ්‍රී ලංකා ශාඛා නිලධාරී රවීන් බස්නායක මහතා යන සභාව ඇමතූහ. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනෙහි යෞවනයන් සඳහා වන කලාපීය කේන්ද්‍රයේ බෙනියම් ගෙබ්‍රිස්ජි මහතා විසින් මෙම සැසිය මෙහෙයවනු ලැබීය.

නව අදහස දක්වන්න