මොබිටෙල් කෑෂ් බොනැන්සා ජයග්‍රාහකයාට සුපිරි මොන්ටේරෝ රථයක් | දිනමිණ

මොබිටෙල් කෑෂ් බොනැන්සා ජයග්‍රාහකයාට සුපිරි මොන්ටේරෝ රථයක්

ජාතික ජංගම දුරකථන සේවා සැපයුම්කරු වන මොබිටෙල් විසින් වසර මුළුල්ලේම පවත්වනු ලබන සිය මොබිටෙල් කෑෂ් බොනැන්සා සුපිරි මොන්ටේරෝ වාසි වැඩසටහන හා අදාළ 10 වැනි දැවැන්තම සුපිරි ත්‍යාගය ලෙස නවතම සුපිරි මොන්ටේරෝ රථයක් පසුගියදා තිළිණ කරන ලදී. මෙම ප්‍රවර්ධන වැඩසටහන නිර්මාණය කර ඇත්තේ මොබිටෙල් පෙර ගෙවුම්, පසු ගෙවුම් සහ බ්‍රෝඞ් බෑන්ඞ් පාරිභෝගිකයන් වෙනුවෙනි. සෑම මොබිටෙල් පාරිභෝගිකයෙකුම සිදුකරනු ලබන රුපියල් 50ක මුදල් රීචාර්ජ් කිරීමක්, රීලෝඞ් හෝ පසුගෙවුම් බිල්පත් වටිනාකමක් ම මෙම තරගය සඳහා ඇතුළත් වීමට අවස්ථාව උදාකර දෙයි.

2017 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සුපිරි මොන්ටේරෝ රථයේ ජයග්‍රාහිකාව ලෙස ගාල්ල ප්‍රදේශයේ අමිලා උදේනිකා මිය ප්‍රකාශයට පත්කෙරින. තිළිණ ප්‍රදානය හා අදාළ උත්සවය පසුගියදා හෝමාගම විල්ෆ්‍රඩ් සේනානායක ක්‍රීඩාංගණයේ දී පවත්වන ලද අතර උත්සවය කාර්නිවල් සංදර්ශනයක අසිරියෙන් වර්ණවත් විය. එම අසිරිය තව තවත් ඉහළ නංවමින් ඉදිරිපත් කරන ලද ෆ්ලෑෂ් බෑක් සංගීත කණ්ඩායමේ සංගීතයෙන් සහ රැු`ගුම්වලින් මෙන්ම විවිධ ජනප්‍රිය ගායන තරු සිදු කළ ගී ගැයීම් අතිශය ආකර්ෂණීය විය. 

 

නව අදහස දක්වන්න