අති නවීන තාක්ෂණය සමගින් වාසනා කෙයාර් අලුත් වෙයි | දිනමිණ

අති නවීන තාක්ෂණය සමගින් වාසනා කෙයාර් අලුත් වෙයි

ශ්‍රී ලංකාවේ විශාලතම රථවාහන ප්‍රදර්ශනාගාරයට හිමිකම් කියන වාසනා ෙට්‍ර්ඩින් (පුද්ගලික) සමාගම සිය අලෙවියෙන් පසු සේවා අංශය වන වාසනා කෙයාර් ආයතනයට අනුබද්ධ වාසනා මෝටර් ගරාජ් සහ හයි ටෙක්නොලොජි රෙපයාර් සෙන්ටර් යන අංශ පසුගියදා සම්පූර්ණයෙන්ම නවීකරණය කර විවෘත කරනු ලැබීය.

අංක 391, මීගමුව පාර, වැලිසර දරන ස්ථානයේ පිහිටි වාසනා කෙයාර් ආයතනයට පැමිණෙන ඕනෑම කෙනකුට එම නවීකරණය කරන ලද අංශ මගින් පිරිනමන අද්විතීය මට්ටමේ සේවා පහසුකම් අත්විඳිය හැකිය. ජපාන, චීන ඇතුළු ඕනෑම මාදිලියේ වාහනයක් අලූත්වැඩියා කිරීම සහ හදිසි අනතුරු රෙපයාර් පහසුකම් ඇතුළු ඕනෑම තාක්ෂණික සේවාවක් සැපයීම සඳහා වාසනා කෙයාර් විසින් මෙහෙයවනු ලබන පළපුරුදු, කාර්යක්ෂම කාර්ය මණ්ඩලය සැ දී පැහැ දී සිටියි.

හයිබ්‍රිඞ් සහ ඉලෙක්ටි‍්‍රක් වාහනවල බැටරිවල තත්ත්ව පරීක්ෂා කිරීම, ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ බැටරි අලූතින් යෙදීම ආදී බැටරි නඩත්තු සේවාවන් ඉහළ ප්‍රමිතියකින් යුක්තව නවීන තාක්ෂණික උපකරණ භාවිතයෙන් ඉටුකර දීමේ හැකියාවද ආයතනය සතුව තිබේ. හයිබ්‍රිඞ් රථවල තත්ත්වය ඉහළ නැංවීම තුළින් එ්වායේ පෙට‍්‍රල් පරිභෝජනය වැඩිකිරීම මෙම සේවාවන්හි ප්‍රධාන අරමුණකි. අනෙකුත් ආයතනවලට සාපේක්ෂාව ඉතා සාධාරණ මිලකට වාසනා කෙයාර් හරහා මෙම සේවාවන් ලබාගත හැකිවීම විශේෂත්වයකි. බැටරි අලූත්වැඩියාව සඳහා 0772092402 (ෆර්නැන්ඩස්) සහ වාහන අලූත්වැඩියා සඳහා 0772931813 (ප්‍රසන්න) ඇමතීමෙන් වැඩි විස්තර දැනගත හැකිය. නොමිලයේ බැටරි පරීක්ෂා කිරීමේ සේවාවක්ද නොවැම්බර් මස 30 වැනි දින දක්වා මෙම ආයතනයේ ක්‍රියාත්මක වේ.

වාසනා ටේ‍්‍රඩින් ලංකා (පුද්ගලික) සමාගමින් වාහන මිල දී ගත් පාරිභෝගිකයන්ට පමණක් නොව ඕනෑම පාරිභෝගිකයකුට මෙම සේවාවන් අත්විඳිය හැකිය. හයිබ්‍රිඞ් සහ ඉලෙක්ටි‍්‍රක් වාහන මෙරටට හඳුන්වා දීමෙහි ප්‍රමුඛයා වන වාසනා ටේ‍්‍රඩින් ලංකා (පුද්ගලික) සමාගම වාහන අලෙවින් පමණක් නොනැවතී පාරිභෝගිකයන්ට අවශ්‍ය තාක්ෂණික දැනුම සහ සේවාවන් ලබාදීමට නිරන්තරයෙන් කැපවී සිටින බවත්, අතිනවීන තාක්ෂණික පහසුකම්වලින් සමන්විත වන පරිදි වාසනා කෙයාර් ආයතනය නවීකරණය කිරීම එහි තවත් එක් ඉදිරි පියවරක් බවත් වාසනා ෙට්‍ර්ඩින් ලංකා (පුද්ගලික) සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ඉන්දික සම්පත් මෙරෙංචිගේ මහතා පැවැසීය. 


නව අදහස දක්වන්න

Or log in with...