වාස්ගේ අභියාචනය විභාග කිරීම අප්‍රේල් 02 | දිනමිණ

වාස්ගේ අභියාචනය විභාග කිරීම අප්‍රේල් 02

2013 වර්ෂයේ මැයි මස 22 දා කෝට්පති ව්‍යාපාරිකයකු වු මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් ඝාතනය කිරීම සම්බන්දයෙන් කොළඹ මහාධිකරණයෙන් මරණ දන්ඩනය නියම වූ හිටපු නියෝජ‍්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු වාස් ගුණවර්ධන ඇතුලු 06 දෙනෙකු එම නියෝගය අභියෝගයට ලක් කරමින් ගොනු කළ අභියාචන පෙත්සම අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැඳවන ලැබීය.

මෙම අභියාචන පෙත්සම අද දින ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවු අවස්ථාවේ එය අප්‍රේල් මස 02 දා සලකා බැලීමට දින නියම කෙරිණ.

මෙම නඩුවට අදාල ලේඛන සහ CD තැටි විත්ති පාර්ශ්වයට ලබා දෙන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කල අතර විත්තිකරුවන් සියලු චෝදනාවලට වරදකරුවන් කිරීමට කොළඹ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් ලබා දුන් තීන්දුව දෝෂ සහිත බව පවසමින් එය ඉවත දමා විත්තිකරුවන් නිදහස් කරන ලෙසට ඉල්ලා මෙම අභියාචන පෙත්සම ගොනු කර තිබේ.

හිටපු නියොජ‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිදු ගුණවර්ධන, උප පොලිස් පරික්ෂක ඉන්දික බමුණුගේ, පොලිස් කොස්තාපල් ගාමිණි සරත් චන්ද්‍ර, පොලිස් කොස්තාපල් ප්‍රියන්ක සංජීව සහ පොලිස් කොස්තාපල් කැලුම් රංග යන අය මරණ දණ්ඩණයට නියම කෙරිණ.

නව අදහස දක්වන්න