තරුණයින් පිරිසකට පහරදුන් අජිත් ටීම් සොයා විමර්ශන | දිනමිණ

තරුණයින් පිරිසකට පහරදුන් අජිත් ටීම් සොයා විමර්ශන

කිසියම් පිරිසක් විසින් යාපනය, මීසාලෙයි ප‍්‍රදේශයේදී ඊයේ රාත‍්‍රියේ තරුණයන් දෙදෙනෙකුට පහරදී ඇති ඇති බව චාවකච්චේරිය පොලීසිය පවසයි.

මෙම පහරකෑමෙන් කැපුම් තුවාල ලැබූ තරුණයන් දෙදෙනෙකු චාවකච්චේරිය රෝහලට ඇතුළත් කොට ඇති අතර ත්‍රිරෝද රථයකින් පැමිණි පිරිසෙන් එක් අයෙකු විසින් මෙම පහරදීම සිදු කොට ඇති බවට තොරතුරු ලැබී ඇත.

චාවකච්චේරිය පොලිසිය පැවසුවේ අදාළ පිරිස අත්අඩංගුවට ගැනීමට සෝදිසි පරීක්ෂණයක්ද ආරම්භ කොට ඇති බවයි.

මේ අතර චාවකච්චේරිය ප්‍රදේශයේ ක්‍රියාත්මක අජිත් ටීම් නැමති කල්ලියක් විසින් මෙම පහරදීම සිදු කොට ඇති බව ද පොලීසියට තොරතුරු ලැබී ඇත.  

නව අදහස දක්වන්න