තුන්වන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි - UPDATE | දිනමිණ

තුන්වන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරයි - UPDATE

ශ්‍රි ලංකා ඉන්දියා තුන්වන ටෙස්ට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය.

තරගාවලිය 1-0 ලෙස ඉන්දියාව ජය ගනියි.

ධනංජය සිල්වා ලකුණු -119

රොෂේන් සිල්වා - 74

ධනංජයගෙන් ශතකයක් - UPDATE

ධනංජයද සිල්වා සිය 03වන ටෙස්ට් ශතකය රැස්කරයි.

මේ වන විට ශ්‍රී ලංකා දෙවන ඉනිම කඩුලු 05ක් දැවී ලකුණු 180ක් ලබා සිටී.

ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක 

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියානු කණ්ඩායම අතර පැවැත්වෙන තෙවන ටෙස්ට් තරගයේ අවසන් දිනය අද (06) යි.

මේ වන විට ශ්‍රී ලංකාව පරාජයෙන් ගැලවීමේ සටනක් දියත් කර ඇති අතර තරගය ජය ගැනීම සදහා ලකුණූ 410 ක ඉලක්කයක් ඇතැතිව ඊයේ (05) පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම දිනය අවසන් වන විට කඩුළු 3 ක්‌ දැවී ලකුණු 31 ක්‌ ලබා අසීරු තත්ත්වයකට පත්ව සිටියේය.

ජයග්‍රහණය සදහා ශ්‍රී ලංකා කණ්ඩායමට අද දිනය තුළ තවත් ලකුණු 379 ක්‌ ලබා ගැනීමට ඇත.

නව අදහස දක්වන්න