ත්‍රිමලේ දක්ෂතම පොලිස් නිලධාරීන්ට ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග | දිනමිණ

ත්‍රිමලේ දක්ෂතම පොලිස් නිලධාරීන්ට ලක්ෂ ගණනින් මුදල් ත්‍යාග

ත්‍රිකුණාමලය විශේෂ ඒ. ටි. එම්. ගුණානන්ද

ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාසයේ 2017 වසරේ විවිධ දක්ෂතා දැක්වු පොලිස් පොලිස් නිලධාරින් උදෙසා පැවැති මුල්‍යමය ත්‍යාග ප්‍රධානෝත්සවයේදී ජීවිත 4ක් බේරාගත් පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ කොස්තාපල් (35185) ඒ. එම්. එස්. කේ. අත්තනායක, මූතුර් පොලිස් වසමේ මලිගතිව් ප්‍රදේශයේදි දැරියන් දෙදෙනකු අපයෝජනයට ලක් කළ පුද්ගලයකු විද්‍යාත්මක ශාක්ෂි ඔස්සේ කරුණු අනාවරණය කර දුන් ත්‍රිකුණාමලය අපරාධ පරික්ෂනාගාරයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඒ. ජී. සී. රංගජීව යන මහත්වරු විශේෂ ඇගයීමකට ලක්වූහ.

මේ ත්‍යාග ප්‍රධානොත්සවය නැගෙනහිර දිසාව භාර ජේයෂ්ඨ නි. පොලිස්පති කපිල ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් ත්‍රිකුණාමලය ජේකබ් පාර්ක් නිවාඩු නිකේතණයේදි පැවැත්වුණි. ත්‍රිකුණාමලය පොලිස් කොට්ඨාසයට අයත් පොලිස් වසම් මට්ටමින් දුෂණ මර්දන වැටලීම්, අපරාධ විසදීම්, ඇතුළු විවිධ දක්ෂතා දැක්වූ පොලිස් නිලධාරින්ට මෙහිදී රුපියල් 1,388,475ක ත්‍යාග මුදල් පිරිනැමීම මෙහිදී සිදුවිය.

2016 වසරේ ලංකාවේ හොඳම කාන්තා සැරයන් ලෙස තේරී පත්වූ කාන්තා සැරයන් (4685) චන්ද්‍රා කුමාර වීරසූරිය මහත්මිය මෙහිදි ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කපිල ජයසේකර මහතාගේ විශේෂ ඇගයීමකට ද ලක්විය.

ත්‍රිකුණාමලය මුලස්ථාන පොලිසියේ හොදම අපරාධ විසදිම වෙනුවෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක චන්දන ගමගේ මහතා නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා අතින් ත්‍යාග ලබාගත් අතර පොලිස් ප්‍රවර්ධන කටයුතු උසස් මට්ටමින් පවත්වාගෙන යෑම වෙනුවෙන් ප්‍රවර්ධන ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඒ. එච්.නිශාන් ධනංජය මහතා කොට්ඨාස භාර ජ්‍යේෂ්ට පොලිස් අධිකාරි ජගත් චන්ද්‍රකුමාර මහතා අතින් තිලිණ ලබා ගත්තේය.

ත්‍රිකුණාමලය-කන්තලේ පොලිස් කොට්ඨාසවල 2008 වසරේ සිට ගිණුම් කටයුතු කළ ගණකාධිකාරිනී ඩබ්ලිව්. එච්. සී. හිමාලි මහ්තමියට ද සිය සේවාව අගයා සමරු තිලිණයක් ද ප්‍රධානය කළේය. මේ අවස්ථාවට ත්‍රිකුණාමලය දිසාපති එන්. ඒ. ඒ. පුෂ්පකුමාර, 22සේනාංකාධිපති මේජර් ජනරාල් අරුණ ජයසේකර, පොලිස් අධිකාරි ඩබ්ලිව්. තිලකරත්න සහකාර පොලිස් අධිකාරිවරුන් වන බුද්ධික මනතුංග, කුමාර් වීරසිංහ යන මහත්වරු ද මේ අවස්ථාවට සහභාගි වූහ.

නව අදහස දක්වන්න