සමුද්‍රීය පරිසර අධිකාරියෙන් ප්‍රකාශයක් | දිනමිණ

සමුද්‍රීය පරිසර අධිකාරියෙන් ප්‍රකාශයක්

ධීවරයන් පිරිසකට මුහුදු ජීවීන් විශේෂයක් හසුවීම, සුනාමි තත්වයක් හටගැනීමට හේතුවන බවට පැතිරගිය කටකතා මුළුමණින්ම අසත්‍ය බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අවධාරණය කරනු ලැබේ.

එම අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප්කුමාර මහතා කියා සිටියේ අදාළ සත්වයන් මුහුදු සර්පයන් නොව, ආඳන් විශේෂයක් බවයි.

මෙම ආඳන් විශේෂය ගංගා, ඇළ – දොලවල සිටින අතර ඔවුන් ප්‍රජනන සමයේ දී මුහුදට ගමන් කරයි. අනතුරුව ගුළියක් ලෙස බිත්තර නිදහස් කරන බවත් එම ආඳ පැටවුන් එක පොකුරට මුහුදේ සිටින බවද ආචාර්ය ටර්නි ප්‍රදීප්කුමාර මහතා පැහැදිලි කළේය.

මඩකලපුව නාවලඩි ප්‍රදේශයේ ධීවරයන් පිරිසකගේ මාදැලකට පසුගිය දිනවල මුහුදු ජීවීන් විශාල ප්‍රමාණයක් මෙලෙස හසුව තිබුණි.

ඒ සමග සුනාමියක් ඇතිවිය හැකි බවට කටකතා පැතිර ගියේය. මෙය ස්වභාවික සංසිද්ධියක් බැවින්, ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකරගත යුතු නැති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වැඩිදුරටත් සදහන් කර සිටියේය.

නව අදහස දක්වන්න