ඔබට කොහොමද? | දිනමිණ

ඔබට කොහොමද?

දෙසැම්බර් මස 06 සිට 12 දක්වා කාලය

මේෂ
හදිසි ධන ලාභ

ප්‍රතිවාදීන් සේම ඇසුරු කරන්නන් සමඟද ගැටුම් ඇති වේ. පවුල් ජීවිතයේ සමඟියට හොඳ නැත. වාසස්ථානයේ වෙනසක්. නීති ගැටලුවලට මුහුණදීමට සිදු වේ. වෘත්තීමය වශයෙන් හදිසි ධනය හිඟ මුදල් ලැබියහැක. තමාගෙන් අන් අයට හිමිවිය යුතු මුදල් කොටස් වශයෙන් ගෙවයි. පාසල් අධ්‍යාපනයේ යම් පසුබෑමක් ඇතිවේ. උසස් අධ්‍යාපනයට සුබයි. විදේශ මූලාශ්‍රවලින් ධනය ලැබේ. කලාවේ නිරතවූවන්ට යහපත්. උදරාබාධ ඉස්මතු වේ.

වෘෂභ
රැකියාවේ අභියෝග

කලා ක්ෂේත්‍රයේ නිරතවූවන්ට යහපත්ය. අධ්‍යාපනයට සුබ කාලයකි. තම සේවා ස්ථානයේ නායකත්වය දරයි. ක්‍රියාශීලීව තම කාර්යයන් කරයි. ප්‍රතිවාදීන් සමඟ ගැටුම් ඇතිවිය හැක. අපේක්ෂිත විදේශ ගමන් අවලංගු වේ.

නැතහොත් කල් යා හැක. රාජකාරියෙන් නිවාඩු යෑම් වැඩිවෙයි. උරුම හිමිකම් ලියකියවිලි වලින් හෝ ඔප්පු වලින් පවරාගැනීමට කටයුතු සැලසෙයි. රැකියාව අභියෝගවලට ලක්විය හැක. උගුර, බෙල්ලේ ආබාධ ඇතිවිය හැක.

මිථුන
ව්‍යාපාර ලාභ

කාර්යාලවල රාජකාරී ලිපි ගොනු ගොඩ ගැසේ. ලැබිය යුතු සහ යැවිය යුතු ලිපි ප්‍රමාද වෙයි. පාසල් අධ්‍යාපන කටයුතු ද අඩපන වෙයි. කොන්ත්‍රාත් ව්‍යාපාර සහ අඩමාන ව්‍යාපාරවලින් ලාභ පෙන්වයි. ප්‍රතිවාදීන් අභිබවා යා හැක.

ක්‍රීඩාවේ නිරතවූවන්ට ජය ගෙනෙයි. හවුල් ව්‍යාපාරවල ගැටුම් ඇති වේ. අඹු සැමි ගැටුම් ද ඇතිවිය හැක. අධ්‍යාපනයට සුබ නැත. සමස්ථයක් වශයෙන් අය පක්ෂය යහපත්ය. පෙම්වතුන්ට බාධා. වකුගඩු ආබාධ ඉස්මතු විය හැක. ප්‍රවේශම් වන්න.

කටක
අඹු සැමි ගැටුම්

වාසස්ථානවල වෙනස්කම් ඇති විය හැකිය. ඉඩම් හා නිවාස විකිණීම් ගැනීම් වලට හොඳ අවස්ථාවකි. කලා ක්ෂේත්‍රවල අයට කැපී පෙනෙන යමක් කළ හැක. නිධන්ගත රෝගයක් ඉස්මතු වේ. අධ්‍යාපනයට සුබ කාලයකි.

මඟුල් තුලා කටයුතුවලට හිතකරය. බහුවිධ ආදායම් මාර්ග කරා යොමුවෙයි. ගනු ලබන තීරණ අවාසියට හේතු විය හැකිය. ඒ නිසා හවුලේ සාමූහිකව තීරණ ගත යුතුය. අඹු සැමි ගැටුම් දුර දිග යා හැක. ශාස්ත්‍රීය කටයුතුවලද යෙදෙයි. ඒවාට නායකත්වය ද දෙයි. සෙම් රෝග ඇතිවිය හැකිය.

සිංහ
ගුප්ත රෝග

බහුවිධ ආදායම් මාර්ග කරා යොමුවෙයි.කෘෂිකර්ම වතු ක්ෂේත්‍රයේ අංශවල ආදායම් තර වේ. කලාවේ නිරතවූවන්ගෙන් ප්‍රගතියක් පෙන්වයි. නිවාස ඉඩම් වැඩකටයුතු සඳහා වියදම් ආයෝජන යොදයි. ව්‍යාපාරවලින් ලාභ උපදවයි. ගුප්ත රෝග ඇතිවිය හැකිය. පාසල් අධ්‍යාපනයට යම් යම් බාධා ඇති වේ. විවාහ මංගල යෝජනාවලින් ප්‍රවේශම් විය යුතුය. රුමෙටික් ආබාධ ඇති විය හැක.

කන්‍යා
වංචාවලට අසුවේ

කාර්යාලයේ ලිපි ගොනු හිර වෙයි. ශාස්ත්‍රීය කටයුතුවලටද බාධා ඇති වේ.

අධ්‍යාපනයට බාධා ඇති විය හැකිය. අය පක්ෂය මේ සතියේදී වැඩි වේ. මුදල් ගනු දෙනු වලදී වංචාවලටද අසුවීමේ ඉඩ කඩ ඇත. කලා ක්ෂේත්‍ර‍වල ප්‍රගතියක් පෙන්වයි. ප්‍රේමවන්තයින්ට මේ සතියේ සුබවේ. තම සිතැඟියා ඉටු කරගත හැකිය. හදවත් රෝග ඇති අය ප්‍රවේශම් වන්න.

තුලා
කලාවට සුබයි

විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට වාසි වේ. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. හවුල් ව්‍යාපාර ස්වාධීන ව්‍යාපාරවලට සුබ කාලයකි. ආත්ම විශ්වාසය ඉස්මතු වේ.

නායකත්වය උසුලයි. පාසල් අධ්‍යාපනයට යම් යම් බාධා ඇතිවෙයි. කලා ක්ෂේත්‍රයේ හා සාහිත්‍ය ක්ෂේත්‍රයේ නිරතවූවන්ට හිතකර කාලයකි. අපේක්ෂිත විදේශ ගමන් යෙදේ. වෘත්තීමය නීති ප්‍රශ්නවලටද මුහුණදීමට සිදු විය හැකිය. මුත්‍රා ආබාධ ඉස්මතු වේ.

වෘශ්චික
නීති ගැටලු ඇතිවේ

හදිසි වියදම් යෙදේ. ඉඩම් නිවාස ගොඩනැඟිලි නිසාද වියදම් යෙදිය හැක. අය විය යුතු මුදලක් කොටස් වශයෙන් ලැබෙයි. අධ්‍යාපනයට බාධා යෙදේ. යම් යම් අවස්ථාවලදී මුදල් සිරවීම් සිදුවිය හැක. නීති ගැටලු ඇතිවේ.

සතිය මැදදී මුදල් වාසියක් ලැබේ. ප්‍රේමවන්තයන්ට සුබ කාලයකි. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලැබෙන්නන්ට නරක නැත. අධි රුධිර පීඩනය ඉස්මතු විය හැක.

ධනු
හදිසි වියදම්

හදිසි මුදල් වාසි ලබයි. එමෙන්ම හදිසි වියදම් පෙන්වයි. සති අග සිට රාජකාරී ලිපි ගොනු ගොඩ ගැසේ. මෙයින් අතිකාල දීමනා ලබයි. එහෙත් රාජකාරිය නිසා පීඩනය ආතතිය අධිකය. ජංගම දුරකථන ආදිය අස්ථානගතවිය හැකිය.

ගමනාගමන හා ප්‍රවාහන වියදම් අධික වේ. උසස් අධ්‍යාපනය සඳහා වියදම් යෙදේ. අපේක්ෂිත විදේශ ගමන් යෙදේ. දුර බැහැර ගමන් වන්දනා ගමන් යෙදිය හැකිය. තමාට හිමි මුදල් ලැබීම් ප්‍රමාද වේ. උගරේ බෙල්ලේ ආබාධ ඉස්මතු විය හැක.

මකර
අධ්‍යාපනයට සුබයි

පැරණි දේ හාරා ඇවිස්සීමේ කුතුහලය ඇතිවේ. නින්ද යෑමේ අඩුකම දැනේ. හවුල් ව්‍යාපාරවල යම් ප්‍රගතියක් පෙන්වයි.

පරිපාලන බලය තම වෘත්තීය ජීවිතයේදී මතුවෙයි. පාසල් අධ්‍යාපනයට හිතකර කාලයකි. උසස් අධ්‍යාපනයේ පසුබෑමක් ඇත. ප්‍රේමවන්තයින්ට බාධා අවහිරතා මඟ හැරේ. අපේක්ෂිත විදේශ ගමන් යෙදිය හැක. විදේශ මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට සුබ කාලයකි. රහස් සතුරු කුමන්ත්‍රණ ඇත. ළය පීනස ඇතිවිය හැක.

කුම්භ
සතුරු කරදර

විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන අයට ප්‍රගතියක් පෙන්වයි. ආයෝජන යොදයි. ඉඩකඩම් හා නිවාස ගනුදෙනු කරන්නන්ට වාසිදායකය. කලාවට සුබ කාලයකි.

ආදායම් ලබයි. මව් පක්ෂයේ ඥාතීන්ගෙන් උපකාර ලබයි. උසස් අධ්‍යාපනයේ ප්‍රගතියක් පෙන්වයි. පාසල් ක්ෂේත්‍රයේ අවහිරතා අඩුවේ. වැඩිමහල් සහෝදරයන්ගෙන් උදව් ලබයි. පරිපාලන ක්ෂේත්‍රයේ නිරතවූවන්ට සුබදායි කාලයක් උදා වේ. රහස් සතුරු කරදර ඇත. සෙම් රෝග ඇති වේ.

මීන
නිවාස ගැටලු

හදිසි ධනය පෙන්වයි. ඉඩකඩම් නිවාස උරුමකම්වලට කටයුතු සැලසේ. ප්‍රභූන් හා ඇසුරට වැටේ. දේශපාලනයට සම්බන්ධවීමට අවස්ථාවක් සැලසේ. රැකියාවේ උසස්වීමක් පෙන්වයි. උසස් අධ්‍යාපනයේ යම් පසුබෑමක් ඇතිවෙයි. ඉඩකඩම් නිවාස ගැටලු නිසා ගැටුම් ඇතිවිය හැක. හදිසි අනතුරක ප්‍රවණතාවක් ඇත. වෘත්තීය වෙනස්වීමක් හෝ ස්ථාන මාරුවක් සිදුවීමට පුළුවන. ස්නායු ආබාධ ඇති විය හැක.

ප්‍රවීණ ජ්‍යෙතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න