තෙල්දෙණිය කරල්ලියද්දට අංග සම්පුර්ණ ක්‍රීඩාංගණයක් | දිනමිණ

තෙල්දෙණිය කරල්ලියද්දට අංග සම්පුර්ණ ක්‍රීඩාංගණයක්

තෙල්දෙණිය කරල්ලියද්ද නව නගරයේ පිහිටි පොදු ක්‍රීඩා පිටිය වසර තිහකට පසු මහවැලි සංවර්ධන වැඩ පිළිවෙළ යටතේ රුපියල් මිලියන දහසයක වියදමකින් අංග සම්පුර්ණ ක්‍රීඩා පිටියක් ලෙස සංවර්ධනය කිරීමේ කටයුතු පසුගියදා ආරම්භ කෙරිණි.

මේ ක්‍රීඩා පිටියේ ඉදිවෙන ගොඩනැගිලි සංකිර්ණයට මුල් ගල තැබිම මහවැලි සංවර්ධන හා පරිසර නියෝජ්‍ය ඇමැති අනුරාධ ජයරත්න මහතා අතින් සිදු කළ අතර එම අවස්ථාවට මධ්‍යම පළාත් ක්‍රීඩා හා යෞවන කටයුතු පිළිබඳ ඇමැති තිලිණ බණ්ඩාර තෙන්නකොන්, මධ්‍යම පළාත් විදුලිබල හා මහා මාර්ග ඇමැති එදිරිවීර වීරවර්ධන, තෙල්දෙනිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක මධ්‍යම පළාත් සභා මන්ත්‍රී ලින්ටන් විජේසිංහ මහතා ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කරල්ලියද්ද සමූහ
ඡයාරුපය - කරල්ලියද්ද සමූහ

නව අදහස දක්වන්න