මැතිසබයේදී අගමැතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක් | දිනමිණ

මැතිසබයේදී අගමැතිගෙන් හෙට විශේෂ ප්‍රකාශයක්

ශිරෝමි අබයසිංහ

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී හෙට (08) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

පසුගිය කාලය තුළ ර‍ටේ ඇති වූ නියං තත්ත්වය, වැසි හා ගංවතුර තර්ජනය හේතුවෙන් මෙරට කෘෂිකර්මාන්තයට ඇති වූ දැඩි බලපෑම නිසා සහල් සහ පොල් මිල ඉහළ යාමට හේතු වූ කරුණු පිළිබඳව විශේෂ ප්‍රකාශයේදී අගමැති වික්‍රමසිංහ මහතා කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

මිල ඉහළ යාම හේතුවෙන් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය නිසා සහල්, ‍පොල් ආනයනයට කැබිනට් මණ්ඩලය ගත් තීරණය ගැනද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිය විශේෂ ප්‍රකාශයේදී අදහස් දක්වනු ඇත. 

නව අදහස දක්වන්න