සාකච්ජා අසාර්ථකයි - වර්ජනය තවදුරටත් - UPDATE | දිනමිණ

සාකච්ජා අසාර්ථකයි - වර්ජනය තවදුරටත් - UPDATE

ප්‍රවාහන ලේකම්වරයා සමග පැවැති සාකච්ඡා අසාර්ථක වූ නිසා දුම්රිය වැඩ වර්ජනය අඛණ්ඩව සිදුකිරීමට තීරණය කළ බව දුම්රිය එංජින් රියදුරු සංගමය පවසයි.

කෙසේ වෙතත් කාර්යාලයීය මගී ජනතාව පිළිබද සිතා අද (07දා) සවස දුම්රිය 15ක් හා හෙට (08දා) උදේ දුම්රිය 15ක් ධාවනය කිරීමට කටයුතු කරන බව ද එම සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ සඳහන් කළේය.

දුම්රිය රියදුරන් වැඩවර්ජනයක - UPDATE

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් දුම්රිය රියදුරන් විසින් අරඹා ඇති වර්ජනය හේතුවෙන් අද (7) උදෑසන සිට දුම්රිය මගීහු දැඩි අසීරුතාවයට පත්වුහ.

කොළඹින් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමන් සිදු නොවන බව ගම්පහ දුම්රිය ස්ථානයෙන් මගීන්ට දැනුම් දුන් බවත් කොළඹ දෙසට පමණක් දුම්රිය කිහිපයක් ධාවනය කෙරිණි.

කොළඹට පැමිණිට තිබු බොහෝ දුම්රියන් අද දින ධාවනය නොවු බවත් දුර ගමන් සේවා සඳහා ඇති දුම්රියන් අවලංගු කර තිබිණි.

දුම්රිය එන්ජින් රියදුරු සහායකයින් බඳවා ගැනීමේ පටිපාටියේ ඇති ගැටලු ඇතුළු කරුණු කිහිපයක් මුල්කරගෙන දුම්රිය එන්ජින් රියදුරන් වැඩවර්ජනය ආරම්භ කර තිබේ.

නව අදහස දක්වන්න