පේරේ සිසුන් 15කගේ පංති වසර 3කට තහනම් | දිනමිණ

පේරේ සිසුන් 15කගේ පංති වසර 3කට තහනම්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් 15 දෙනකුගේ පංති වසර තුනක කාලයක් සඳහා තහනම් කර තිබේ.

ඒ විශ්ව විද්‍යාල පරිපාලනය විසින් ගනු ලැබූ තීරණයට අනුවයි.

විශ්ව විද්‍යාලයේ විනය මණ්ඩලය මගින් සිදුකළ පරීක්ෂණයකින් පසු ලබා දුන් නිර්දේශ මත උපකුලපති මහචාර්ය උපුල් දිසානායකගේ අත්සනින් යුතුව අදාළ  සිසුන්ට වසර තුනක කාලයක් සඳහා පංති තහනම් කෙරෙන ලිපිය නිකුත් කර ඇත.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ කෘෂි පීඨයේ  නවක සිසුන් අට දෙනකු විශ්ව විද්‍යාලයෙන් පිටත ස්ථානයකට රැගෙන ගොස් ඔවුන් නිරුවත් කර අමානුෂික ලෙස නවක වදය ලබාදුන් බව කියන සිද්ධිය සම්බන්ධව විශ්ව විද්‍යාල පාලන අධිකාරිය මෙම තීරණය ගෙන ඇත.


නව අදහස දක්වන්න

CAPTCHA
This question is for testing whether or not you are a human visitor and to prevent automated spam submissions.
Image CAPTCHA
Enter the characters shown in the image.

Or log in with...