අලුත්ම පන්නයේ Inspiron 7000 ලැප්ටොප් පරි­ග­ණ­කය Dell වෙතින් | දිනමිණ

අලුත්ම පන්නයේ Inspiron 7000 ලැප්ටොප් පරි­ග­ණ­කය Dell වෙතින්

බහුකාර්යයන් සඳහා යෙදවිය හැකි මෙන්ම ගේ දොර තාක්ෂණික උපකරණයක් ලෙසින් පිරිසකට පොදුවේ භාවිත කළ හැකි ලෙසින් නිපදවා ඇති මේ නව Inspiron i3 7000 මාලාවේ නෝට්බුක් පරිගණකය ඉහළම තත්ත්වයේ දර්ශන මට්ටමකින් සහ කුඩා පියසටහනක් (Footprint) මඟින් ප්‍රබල ක්‍රියාකාරීත්වයක් රැගෙන එයි. එමඟින් මෙය භාවිත කරන්නා වෙත කුඩා සීමාවක ගැඹුරු දර්ශන අත්දැකීමක් විඳීමට හැකිවෙයි. එසේම FHD IPS තාක්ෂණයේ ස්පර්ශ සංවේදී තිරය ඩිජිටල් ඇඳීම් සඳහා යොදාගන්නා පෑන මෙන්ම ලිවීම සහ සටහන් තබා ගැනීම සඳහා ඉතා පහසුවෙන් යොදාගත හැකිය. තව ද එමඟින් චිත්‍රපට ආදිය නැරැඹීමේ දී සහ වීඩියෝ සංවාදවල දී බාධාවකින් තොරව එය අත්විඳීම පිණිස Dell හි සම නිපැවුම් තාක්ෂණයක් වන SmartByte උපයෝගී කරගෙන ඇති අතර, එය අනෙකුත් ජාලමය ක්‍රියාකාරකම්වලට ඉදිරියෙන් strearning සහ සංවාදමය තාක්ෂණය තබා ක්‍රියාකරන්නකි. මේ සියල්ලට අමතරව මේ නවතම නෝට්බුක් පරිගණකය දිගු ආරෝපණ කාලයක් සහ පිළිගත් SSD හෝ විකල්පමය PCle NVMe SSD ඔස්සේ මෘදු ක්‍රියාකාරීත්වයක් පිරිනමයි.

'අද කාලයේ සිටින දැනුමෙන් සපිරි පාරිභෝගිකයාට නව පරිගණකයක් තෝරා ගැනීමේ දී ඉල්ලීම් සම්භාරයක් තිබෙනවා. විශේෂිත නිර්මාණකරණයෙන් යුක්ත දේ ගැන ඔවුන් අවධානය යොමු කරනවා. ක්‍රියාකාරීත්වය ගැන වගේම මිලදී ගැනීමට පෙර ලැබෙන සහාය ගැනත් ඔවුන් උනන්දුයි යැයි Dell හි South Asia Developing Markets Group (SADMG) සාමාන්‍යාධිකාරී හර්රිට් සින්ග් රේඛී මහතා පවසයි. අපේ Dell Inspiron 7000 මාලාවේ නෝට්බුක් පරිගණක Intel හි 8th Generation Core Processor මඟින් ජව ලබන නවීනතම පන්නයේ සැලසුමකින් යුත් පාරිභෝගිකයා වෙනුවෙන් සුවිශේෂී ක්‍රියාකාරීත්වයක් සහ අගනා අත්දැකීමක් පිරිනමනවා' යැයි ඔහු වැඩි දුරටත් පවසා සිටියි. 

නව අදහස දක්වන්න