SLFP නව සංවිධායකවරු 05ක් පත් කෙරේ | දිනමිණ

SLFP නව සංවිධායකවරු 05ක් පත් කෙරේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සදහා පත් කෙරුණු නව දිස්ත්‍රික් සංවිධායකවරු පස් දෙනෙක් අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් සිය පත්වීම් ලිපි ලබාගත්හ.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායකවරු ලෙස චමින්ද කුමාර දිසානායක, නීතිඥ උපාලි මොහොට්ටි, එන්.ටී. දයානන්ද යන අය පත්කර තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙක් ලෙස ඩී.එන්.ඩී. නුගවෙල පත් කර ඇති අතර දිගාමඩුල්ල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව දිස්ත්‍රික් සංවිධායක ගුණරත්න මහේන්ද්‍ර පෙරේරා පත්කර ඇත.

නව අදහස දක්වන්න