මාවරමණ්ඩිය සූදු පොළේ ගැහැනු 3යි-පිරිමි 4යි | දිනමිණ

මාවරමණ්ඩිය සූදු පොළේ ගැහැනු 3යි-පිරිමි 4යි

මල්වාන සමූහ මහානාම විතානගේ

දරුවා උකුලේ තබාගෙන මව සූදු කෙළියේ

මාවරමණ්ඩිය ප්‍රදේශයේ නිවෙසක රහසිගතව පවත්වාගෙන යන ලද සූදු පොළක් වටලා කාන්තාවන් තිදෙනෙකු සමඟ පිරිමින් සිවු දෙනෙකු සපුගස්කන්‍ද පොලිසිය මඟින් පසුගිය පෝයදා පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය.

ඒ සමඟම සූදු පොළේ තිබී රුපියල් පනස්දහසකට ආසන්න මුදලක්ද පොලිස් භාරයට ගැනිණි.

සූදු පොළ පොලිසිය වටලන විට එම නිවසේ කාන්තාව තමාගේ අවුරුදු දෙකක පමණ දරුවා තම උකුල මත තබාගෙන සූදු කෙළියේ යෙදී සිටි බව කියති.

මේ හත් දෙනා වැලිවේරිය හා කඩවත යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර දැනට පොලිස් ඇප මත මුදා හැර තිබෙන මොවුන් මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. 


නව අදහස දක්වන්න

Or log in with...