තහනම් ග්ලයිපොසෙට් කිලෝ 540ක් | දිනමිණ

තහනම් ග්ලයිපොසෙට් කිලෝ 540ක්

කල්පිටියේ කළපුතෙර සඟවා තිබිය දී සොයා ගනී

2015 වසරේ විශේෂ ගැසට් නිවේදනයකින්, ජනාධිපතිවරයා විසින්, ශ්‍රී ලංකාවේ භාවිතය තහනම් කළ, ග්ලයි පොසෙට් gly pho sate නම් වල් නාශක කිලෝ ග්රෑම් 540ක් සහිත පොහොර උර, 18ක් කල්පිටිය තිල් අඩිය කළපුතෙර සඟවා තිබිය දී ඉකුත් දා කල්පිටිය පොලිසිය විසින් සොයා ගෙන ඇත. මෙම වල් නාශක ඉන්දියාවේ නිශ්පාදන වන අතර ,මුහුදු මඟින් ප්‍රවාහනය කරන්නට ඇතැයි පොලිසිය විශ්වාස කරයි.

එක් පොහොර උරයක් තුළ ග්රෑම් 100ක් බරැති, පැකට් 300 බැඟින් අසුරා තිබුණු බැවු වැටලීම සිදු කළ පොලිසිය පවසයි. එක් පැකට්ටුවක මිල ශ්‍රී ලංකා මුදලින් රුපියල් 900කට ආසන්න වන අතර, ඒ අනුව මෙම වල් නාශක තොගයේ දළ වටිනාකම රුපියල් ලක්ෂ පහක් වේ. කල්පිටිය පොලිස් ස්ථානාධිපති ලක්ෂ්මන් රංවල ආරච්චි මහතා පැවසුවේ කල්පිටිය අර්ධදීප තුළ මහපරිමාණ ගොවිබිම් වල භාවිතය

සදහාත් දිවයිනේ සෙසු ප්‍රදේශවලට අලෙවි කිරීම සඳහාත් මෙම තහනම් වල් නාශක මෙරටට ප්‍රවාහනය කරන බව ය. සැක කරුවන් සොයා පරීක්ෂණ දියත් කොට ඇති අතර කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

කල්පිටිය සමූහ 


නව අදහස දක්වන්න

Or log in with...