පොල්ගහවෙල ජල ව්‍යාපෘතියට රුපියල් කෝටි 1600ක් | දිනමිණ

පොල්ගහවෙල ජල ව්‍යාපෘතියට රුපියල් කෝටි 1600ක්

ජල සම්පත් හා ජලපවාහන මණ්ඩලය ආසියානු සංවර්ධන ණය ආධාර යටතේ අලව්ව - පොල්ගහවෙල සහ පොතුහැර ජල ව්‍යාපෘතිය යටතේ රුපියල් කෝටි 1600 ක් වැයකර පානීය ජලය සැපයීමේ නළ පද්ධතිය සඳහා ප්‍රමුඛතාවය ලබාදීමට ක්‍රියාකර ඇති බව සිවිල් ගුවන් සේවා හා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසීය.

ඒ අනුව 2018 වසරේදී කුරුණෑගල මැතිවරණ කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 16 ක ග්‍රාමීය ජනතාවට නළ මාර්ග ඔස්සේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට පියවර ගත් බවත්, එහි මූලික කටයුතු ඉතා සාර්ථකව ක්‍රියාත්මක වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. 

කුරුණෑගල විශේෂ ඩී. කේ. ටී. ආර්. රොඩ්රිගෝ

නව අදහස දක්වන්න