රබර් මිල තීරණය වන්නේ පිටරට යවන සමාගමෙන් | දිනමිණ

රබර් මිල තීරණය වන්නේ පිටරට යවන සමාගමෙන්

රබර් වල මිල නියමවන්නේ රජයේ මැදිහත් වීමකින් නොවෙයි එය රබර් පිටරට යවන සමාගම් විසිනි. නමුත් මිල පහළ වැටීමේ දී රජය මැදිහත් වී රබර් නිෂ්පාදකයාට සාධාරණ මිලක් ලබා දෙනවා අපි සම්ප්‍රධායික ක්‍රම වේදයන් බැහැරව නවීන තාක්ෂණය අනුව කටයුතු කිරීමට සිදුවෙනවා මේ පළාතේ නිතර වැසි අධිකයි.

එයට විකල්පයක් වශයෙන් ගසට වැසි ආවරණ යෙදීම එයින් සාර්ථක ප්‍රථිපල තිබෙනවා යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අධිනීතීඥ ජයම්පතී වික්‍රමරත්න මහතා පැවසීය.

එමහතා මෙසේ පැවසුවේ රුවන්වැල්ල ආචාර්‍ය ඇන්. ඇම්. පෙරේරා ගුණානුස්මරණ ශාලාවේ පැවැති රබර ගොවීන් දැනුවත් කිරීම සඳහා පැවැති ජන හමුවකදීය.

රබර් නිෂ්පාදනය කරන මැලේසියාව ආදී රටවල් රබර් ආශ්‍රිත නොයෙක් භාණ්ඩ නිපදවනවා අපේ රබර් පිටරට ගෙන ගොස් එයින් නිපදවන භාණ්ඩ මෙරටට ගෙන්වාගෙන ඒවාට අපි වැඩි මිලක් ගෙවනවා අපේ රටෙත් භාණ්ඩ නිෂ්පාදනය කළ යුතුය. මේ තත්ත්වය ඇති කිරීමට මේ රජයට හැකි වී තිබෙන්නේ රජය කෙරෙහි ජාත්‍යන්තර විශ්වාසයක් තිබෙනවා.

රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක රට පාලනය කරන නිසාය. එනිසා රටට විදේශික ආයෝජිකයන් පැමිණ ලොකු කර්මාන්ත ඇරඹීමට පටන්ගෙන ඇතැයි ද පැවසීය. රබර් වගාව පිළිබඳ දැනුවත් කිරීම රත්නපුර පළාත් රබර් උපදේශක අනුර දිසානායක මහතා විසින් සිදු කරන ලදී. 

යටියන්තොට සමූහ
කුමාරසිංහ ගුණදාස


නව අදහස දක්වන්න

Or log in with...