102 බස් ටෙන්ඩරයට විරෝධය පා උද්ඝෝෂණයක් | දිනමිණ

102 බස් ටෙන්ඩරයට විරෝධය පා උද්ඝෝෂණයක්

ශීලා උඩුවර

බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් මාර්ග 102ක බස් සේවා සඳහා කැඳවා තිබු ටෙන්ඩර් විවෘත කිරීමට විරෝධය පළකරමින් පුද්ගලික බස් සංගම් කිහිපයක නියෝජිතයෝ ඊයේ (07 ) බත්තරමුල්ලේ පිහිටි අධිකාරි ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ.

බස්නාහිර පළාතේ මාර්ග 102 බස් සේවා 272ක් සඳහා මෙම ටෙන්ඩර් කැඳවා තිබු අතර එය විවෘත කිරීම ඊයේට යෙදි තිබිණි.

මෙම ටෙන්ඩරය විවෘත නොකරන ලෙසත් විවෘත කළහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් ඔවුහු පැවසුහ.

අන්තර් පළාත් පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය, සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සමිති සම්මේලනය හා මීගමුව , කළුතර, ඇතුළු බස් සම්ගම් විශාල ප්‍රමාණයක් මෙයට දායක වන බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමයේ සභාපති සරත් විජිත කුමාර මහතා පැවසිය. මෙම ටෙන්ඩරය විවෘත කළහොත් තම සගංම් ඊට විරුද්ධව දිගටම ක්‍රියා කරන බවද ඒ මහතා පැවසීය. මෙම ටෙන්ඩරය කැඳවා ඇත්තේ නීත්‍යනුකූලව හා අවශ්‍යතාව අනුව බවත් එය වැළැක්විය නොහැකි බවත්, මගී ප්‍රවාහන අධිකාරිය කියයි. ‍ 

නව අදහස දක්වන්න