ජනපති ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ දී වැඩසටහන් රැසක් | දිනමිණ

ජනපති ප්‍රධානත්වයෙන් පොළොන්නරුවේ දී වැඩසටහන් රැසක්

“පිබිදෙමු ‍පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට සමගාමීව සිදු කෙරුණු තවත් සංවර්ධන ව්‍යාපෘති රැසක් පෙරේදා (06) පස්වරුවේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් ජනතා අයිතියට පැවරිණි.

පොළොන්නරුව වාණිජ සංකීර්ණය, සංචාරක තොරතුරු මධ්‍යස්ථානය හා සංචාරක පොලිසිය පෙරේදා පස්වරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පැවරුණු අතර ඊට වැය කර ඇති මුදල රුපියල් මිලියන 242කි.

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ “සුඛිත පුරවර” වැඩසටහන මඟින් දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවපහසුව සහ දැනුවත්භාවය ප්‍රවර්ධන උදෙසා මේ සංචාරක තොරතුරු මධ්‍යස්ථානය ඉදිකර තිබේ. ශ්‍රි ලංකා රතුකුරුස සමාජය විසින් වකුගඩු රෝගීන් සඳහා ආධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මෙන්ම ගැබිනි මව්වරුන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහන් ද මෙහිදී සිදු කෙරිණි.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් කොරියානු රැකියා සඳහා යොමු කරවීමේ වැඩසටහනක් ද පෙරේදා (06) පස්වරුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි.

කොරියානු භාෂා මධ්‍යස්ථාන‍ය විසින් පවත්වනු ලබන පාඨාමාලා සඳහා සිසුන් ඇතුළත්කර ගැනීම ද මෙහිදී සිදුවිය.

කොරියානු භාෂා උපදේශිකා ටාරා රාජපක්ෂ මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

“සුවපත් දිවියකට - යහපත් ආහාර” නමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආහාර සැකසුම් කරන ආයතන වර්ගීකරණය සහ ඇගයීමේ වැඩසටහනක් ද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පස්වරුවේ පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

ආහාර සැකසුම්කරණ ආයතන ශ්‍රේණිගත කිරීමේ 2017 වැඩසටහන සඳහා විශේෂ දායකත්වයක් දැක්වූවන්ට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුම්වැටි භාවිතයෙන් තොර කලාප පිහිටුවීම මගින් දිස්ත්‍රික්කයේ දුම්වැටි භාවිතය අවම කිරීමට දායකවූ මහජන සෞඛ්‍ය නිලධාරින් ඇගයීමට ලක්කරමින් සමරු තිළිණ පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදුවිය.

ජනාධිපතිතුමා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණි.

මහා සංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද ඇමැති රාජිත සේනාරත්න, උතුරු මැද පළාත් හිටපු ප්‍රධාන ඇමැති පේෂල ජයරත්න, පොලිස්පති පූජිත් ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රන්ජිත් ආරියරත්න පිබිදෙමු පොළොන්නරු දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රේමසිරි මුණසිංහ, ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජාතික සභාපති ජගත් අබේසිංහ මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී වූහ.


පොළොන්නරුව වාණිජ සංකීර්ණය සහ සංචාරක පොලිසිය ජනතා අයිතියට

පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනට සමගාමීව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය යටතේ ,සුඛිත පුරවර, වැඩසටහන මගින් දෙස් විදෙස් සංචාරකයන්ගේ සුවපහසුව සහ දැනුවත්භාවය ප්‍රවර්ධන උදෙසා ඉදිකරන ලද පොළොන්නරුව වාණිජ සංකීර්ණය, සංචාරක තොරතුරු මධ්‍යස්ථානය හා සංචාරක පොලිසිය පෙරේදා (06) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාමා අතින් ජනතා අයිතියට පත් කෙරිණි.

ශ්‍රී ලංකා රතුකුරුස සමාජය විසින් වකුගඩු රෝගීන් සඳහා ආධාර ප්‍රදානය කිරීමේ වැඩසටහනක් මෙන්ම ගැබිනි මව්වරුන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ප්‍රදානය කිරීමේ වැඩසටහන් ද මෙහිදී සිදු කෙරිණි.

ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක, උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති පේෂල ජයරත්න, පොලිස්පති පූජිත ජයසුන්දර, පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහනේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ප්‍රේමසිරි මුණසිංහ, ශ්‍රී ලංකා රතුකුරුස සමාජයේ ජාතික සභාපති ජගත් අබේසිංහ මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.


පොළොන්නරුවේ ආහාර සැකසුම් ආයතන වර්ගීකරණය සහ ඇගයීමේ වැඩසටහනින්

"සුවපත් දිවියකට" යහපත් ආහාර, නමින් පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ආහාර සැකසුම් කරන ආයතන වර්ගීකරණය සහ ඇගයීමේ වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා (06) පස්වරුවේ රාජකීය මධ්‍ය මහා විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. ආහාර සැකසුම්කරණ ආයතන ශ්‍රේණිගත කිරීමේ 2017 වැඩසටහන සඳහා විශේෂ දායකත්වයක් දැක්වූවන්ට සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දුම්වැටි භාවිතයෙන් තොර කලාප පිහිටුවීම මගින් දිස්ත්‍රික්කයේ දුම්වැටි භාවිතය අවම කිරීමට දායක වූ මහජන සෞඛ්‍ය නිලධාරින් ඇගයීමට ලක්කරමින් සමරු තිළිණ පිළිගැන්වීමද මෙහිදී ජනාධිපති අතින් සිදු විය. මහාසංඝරත්නය සහ අන්‍යාගමික පූජකවරුන් ද ඇමැති රාජිත සේනාරත්න, උතුරු මැද පළාත් හිටපු මහ ඇමැති පේෂල ජයරත්න, පොලිස්පති පූජිත ජයසුන්දර, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහත්වරුන් ද පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් මේ අවස්ථාවට එක්ව සිටියහ.


පොළොන්නරුව මහ රෝහලේ ඉදිකෙරෙන ආඝාත ප්‍රතිකාර සංකීර්ණයට ජනපති අතින් මුල්ගල...

පොළොන්නරුව මහ රෝහලේ ඉදිකෙරෙන ආඝාත ප්‍රතිකාර සංකීර්ණයට මුල්ගල් තැබීම පෙරේදා (06) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිදු කෙරිණි.

රක්තවාතවේද හා පුනරුත්ථාපන ඒකකයක්, භෞත චිකිත්සක ඒකකයක් සහ ආඝාත හා ස්නායු වෛද්‍ය ඒකකයකින් සමන්විත මේ ආඝාත ප්‍රතිකාර සංකීර්ණයට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 400කි. “පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන” යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය දින 548ක් ඇතුළත නිම කිරීමට අපේක්ෂිතය.

ඉදිකිරීම් ආරම්භ කිරීමට අදාළ සමරු ඵලකය නිරාවරණය කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගොඩනැගිලි සංකීර්ණයේ සැළැස්ම ද අධීක්ෂණය කළේය.

සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න,පොළොන්නරුව මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඉන්දික සම්පත් කුමාර මහත්වරු ඇතුළු කාර්ය මණ්ඩලය මේ අවස්ථාවට එක්ව සිටියහ.


පොළොන්නරුවේ තරුණ තරුණියන් කොරියා රැකියාවලට යොමු කිරීමේ වැඩසටහනක්...

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ තරුණ තරුණියන් කොරියානු රැකියා සඳහා යොමු කරවීමේ වැඩසටහනක් පෙරේදා (06) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේ දී පැවැත්විණි. කොරියානු භාෂා මධ්‍යස්ථානය විසින් පවත්වනු ලබන පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම ද මෙහිදී සිදු විය.

පොලිස්පති පුජිත් ජයසුන්දර,කොරියානු භාෂා උපදේශිකා ටාරා රාජපක්ෂ මහත්ම මහත්මීන්, කොරියානු නියෝජිතයන්, සිසු සිසුවියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. 

රක්ෂණ ශ්‍රියන්ත
ඡායාරූප උදේශ් ගුණරත්න
ජනාධිපති මාධ්‍ය අංශය/නිරෝෂ් බටේපොලප

නව අදහස දක්වන්න