ආසියාවේ ක්‍රියාත්මක වන ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය ස්ථාපිත කෙරේ | දිනමිණ

ආසියාවේ ක්‍රියාත්මක වන ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය ස්ථාපිත කෙරේ

බුද්ධිකා ඉඹුලාන

ආසියානු කලාපයේ රටක ක්‍රියාත්මක වන ප්‍රථම මිරිදිය ධීවර තොරතුරු පද්ධතිය (Freshwater Fisher Information System- Infish)ස්ථාපිත කෙරේ.

බත්තරමුල්ල ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් ස්ථාපිත කළ මේ තොරතුරු පද්ධතිය ආරම්භ කිරීම ධීවර හා ජලජ සම්පත් සංවර්ධන ඇමැති මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණී.

මේ යටතේශ්‍රිලංකාවේ අභ්‍යන්තර ජලාශයන්හි සිදු කෙරෙන ධීවර කටයුතු මෙන්ම ධීවරප්‍රජාවගේ තොරතුරු, එක් එක් ජලාශයෙන් දෛනිකව නෙළාගන්නා මත්ස්‍ය සම්පත්ප්‍රමාණය, එක් එක් ධීවර යාත්‍රාවන් විසින් අල්ලා ගන්නා මසුන් ප්‍රමාණයන් මෙන්ම ඔවුන් ලබන ආදායම් හා මුල්‍ය ඉතිරිකිරීම් ආදි සියලුම දත්ත මේ පද්ධතිය යටතේ අන්තර් ගත කෙරේ.

විශේෂයෙන් මිරිදිය මත්ස්‍ය සම්පත කළමණාකරණය මෙන්ම ධිවර ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කරලීමේ අරමුණින්ක්‍රියාත්මක කෙරෙන මේ තොරතුරු පද්ධතිය පරිගණක ගත ජාල පද්ධතියක් මගින් ක්‍රියාත්මක වේ.

දැනට අප රටේ ජලාශ 10,000කට ආසන්න ප්‍රමාණයක් තිබේ. ඉන් තෝරාගන්නා ලද ජලාශ 45ක ප්‍රථම අදියර යටතේ මේ පද්ධතිය මගින් නියාමණය කෙරේ. 2018 අවසන් වනවිට සියලුම ජලාශ මේ පද්ධතියට ඇතුළත් කෙරේ. මේ සදහා එක් එක් ධීවර සංගම් සදහා ටැබ් පරිගනකයක් බැගින් ද, පරිගණක උපාංග ද ලබා දෙන අතර මේ සදහා විශේෂ මෘදුකාංගයක්ද -App නිර්මාණය කර තිබේ.

මෙම උත්සවයේ දී ධීවර සංගම් 30ක් සදහා රුපියල් 1,95,000 පමණ වටිනා උපකරණ කට්ටලය බැගින් පිරිනමනු ලැබීය. මේ සදහා රජය වැය කර ඇති මුලු මුදල රුපියල් මිලියන 08කි.

ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය විසින් ක්‍රියාත්මක කර තිබෙන සුන්දර තොටුපොළ වැඩ පිළිවෙළ යටතේ මේ වැඩ සටහනක්‍රියාත්මකය.

මෙහිදී ඇමැති මහින්ද අමරවීර මහතා අතින් අදාළ උපකරණ කට්ටල ධීවර සංගම් වෙත බෙදා දෙනු ලැබීය. මෙහිදී අදහස් පළ කළ ඇමැතිවරයා කියා සිටියේ ගත වු වසර දෙක තුළ මෙරට මිරිදිය ධීවරයින් ලබන මාසික ආදායම රුපියල් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බවයි.

මෙම අවස්ථාවට NAQDA සභාපති නීතිඥ උපාලි මොහොට්ටි, අධ්‍යක්ෂ ජනරාල් නිමල් චන්ද්‍රරත්න, හා ධීවර සංගම් නියෝජිතයෝ රැසක් ද සහභාගි වුහ. 

නව අදහස දක්වන්න