දුම්රිය වර්ජනයෙන් මගීහු දැඩි අසීරුවේ | දිනමිණ

දුම්රිය වර්ජනයෙන් මගීහු දැඩි අසීරුවේ

ශීලා උඩුවර

* දුර ගමන් දුම්රිය රැසක් අවලංගුයි
* අපහසුතා මඬින්න වැඩිපුර ලංගම බස්

දුම්රිය රියැදුරු වර්ජනය පැවති ඊයේ දින ( 7) උදේ ධාවනයට නියමිත දුම්රියන්ගෙන් සියයට 50ක් පමණ ධාවනය කළ බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරි ( ධාවන ) විජය සමරසිංහ මහතා පැවසීය.

වෙනදා දුම්රිය ගමන්වාර 150කට වඩා ධාවනය කෙරෙන අතර එම ප්‍රමාණය අඩුවීම නිසා දුර සිට කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල රැකියා සඳහා පැමිණෙන සේවක සේවිකාවන් ඇතුළු මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ.

ඔවුන්ට නියමිත වෙලාවට සේවා ස්ථානයට පැමිණීමට නො හැකි විය.

ඊයේ උදේ කාර්යාල දුම්රියන් කිහිපයක් ද, රුහුණ , සමුද්‍ර දේවි , උඩරට මැණිකේ, කන්කසන්තුරේ, මහනුවර -මාතර ඇතුළු දුම්රියන් ධාවනය කෙරුණු නමුත් දුරගමන් දුම්රිය රැසක් අවළංගු කිරීමට සිදුවී තිබිණි. මහනුවර මාතර දුම්රිය කොළඹට පමණක් ධාවනය කෙරිණි.

දුම්රිය රියැදුරු සහායකයන් බඳවා ගැනීමේ ක්‍රමවේදය සංශෝධනය කර ඒ අනුව එම පිරිස් බඳවා ගැනීමට කටයුතු කරන ලෙසත්, එසේම දැනට පවත්වා ඇති පරික්ෂණය අවළංගු කරන ලෙසත් ඉල්ලමින් ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියර්ස් රියැදුරු සංගමය පෙරේදා ( 6 ) මධ්‍යම රත්‍රියේ සිට මෙම වර්ජනය අරඹා තිබේ.

දුම්රිය වර්ජනය නිසා මගීන්ට ඇතිවන අපහසුතාව වළක්වා ගැනීමට ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය බස්සේවා තර කර

තිබු අතර මගී ජනතාව බස්නැවතුම් පළ කරා ද ඇදී යනු දක්නට ලැබුණි.

දුම්රිය වර්ජනය පැවතිය ද සවස් කාලයේත් දුම්රිය ගමන්වාර කිහිපයක් ධාවනය කරන බවද, දුම්රිය බලධාරීන් තම ඉල්ලීම් පිළිබඳව අවධානය යොමු නොකිරීම නිසා මෙම වර්ජනය ඇරඹු බවද ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනියරස් යුනියන්හි ප්‍රධාන ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසීය. 

නව අදහස දක්වන්න