ටෙලියෙන් වැසුණු අැය | දිනමිණ

ටෙලියෙන් වැසුණු අැය

ටෙලිනාට්‍යයෙන් ලොව දිනනා කාන්තාව යථා ජීවිතයේ දී ළඟා කරගැනීමට වෙර දරන සොඳුරු ලොවට පිය මනින මාවත සිහින පිරි සුපිරිසිදු සිතඟ සැමදේ ඒකානේතයෙන්ම ඉෂ්ට කරගත හැකි සුමට මාවතක්ද? යන්න සලකා බැලිය යුතුය.

සමස්ත සමාජය ගත් කල පිරිමි නියෝජනයට වඩා කාන්තා නියෝජනය වැඩි වූ අපගේ රටේ අදවන විට කාන්තාව කේන්ද්‍ර කරගනිමින් බොහෝ කලා නිර්මාණ බිහිව ඇත. නුතන සමාජය තුළ රැල්ලෙන් රැල්ලට එන මෙගා ටෙලිනාට්‍යන්ගේ ප්‍රධාන චරිතයන්ට පණ පොවන්නේ කාන්තාවන්මය . එය එසේ වන්නේ වාණිජමය බුද්ධියෙන් යුක්ත වූ අද මිනිසුන් මුදල් පසුපස හඹා යන අතරතුර තමන්ගේ මඩිය තර කර ගැනීමේ උපක්‍රමයක් ලෙස කාන්තාව යොදා ගන්නා නිසාය. එවිට කාන්තාවන්ගේ ජීවිතය නීරසයෙන්ම තමන්ගේ නාට්‍යයන් වෙත ඇදීයාමෙන් සිදුවන බව තර්කයෙන් තොරව තහවුරු වේ.

ටෙලි නාට්‍යන්ගේ වූ කාන්තාවට ඇත්තේ ලොව දිනනා පැතුම් ය. අප සමාජයේ කාන්තාවන් ගත් කල ඔවුන්ට තමන්ගේ එදිනෙදා ජීවිතය ගොඩ නඟා ගැනීමද අභියෝගයක්මය. බොහෝ විට උදෑසනින් අවදිවන බොහෝ කාන්තාවෝ රාත්‍රී නින්දට යන තෙක්ම මෙහෙකාරියකගේ චරිතයට පණ පොවන අතර තුරදී නිවසේ මෙන්ම සමාජය තුළ දී ද ඇයට වන නින්දා අපහාස හා හිංසා එමට ය.

සුසෑට ආභරණයෙන් සැරසී පේදුරු තුඩුවේ සිට දෙවුන්දර තුඩුව දක්වා තනිවම ගමන් කිරීමේ හැකියාවක් පැවතී අතීතයකට උරුම කම් කිවූ කාන්තාව මේ වන විට නිවස තුළ නිදහසේ ජීවත් වීමට ඇති හැකියාවද ඇහිරී ඇත. මෙගා ටෙලිනාට්‍යන්ගේ වූ කාන්තාව තමන්ගේ ස්වාමිපුරුෂයා පටන් සමස්ත පිරිමි සමාජයට එරෙහිව නැඟී සිටිමින් තමන්ගේ අයිතීන් උදෙසා සටන් වදී. යථාර්ථය තුළ ඊට එරෙහිව ක්‍රියාකරන්නේ අතලොස්සක් වන අතර ඔවුන් විවිධ නාමයන්ගෙන් සමාජය තුළ හංවඩු ගසයි. එමෙන්ම සිතැඟි ළඟා කර ගැනීමට හැකිවන්නේ ඔවුන්ගෙනුත් එක් අයෙකුට හෝ දෙදෙනෙකුට පමණක් නොවේද? සියළු බැඳීම් හා සමාජ නීතින්ගෙන් කොටු කරන ලද පුරුෂ ආධිපත්‍ය යටතේ ජීවත්වන ගැහැනිය වාණිජමය ආර්ථිකයක් හමුවේ වෙළෙඳ භාණ්ඩයක් බවට පත්ව ඇත. එම නිසාම බොහෝ නිර්මාණයන් උදෙසා අඩ නිරුවත් කාන්තාවන් මෙන්ම කාන්තාවන්ගේ අතීතයේ විඳිනු ලබන සාහිත්‍යමය රසයට එහා ගිය කටුක හැඟීම දනවන කාන්තා ලාලිත්‍යයන් වීම උපයෝගී කරනු ලැබේ.

ටෙලිනාට්‍යන් තුළ කාන්තාවන්ට උදාකර ඇති ඛේදනීය තත්ත්වය හා පුද්ගලයන්ගේ මනසට කාවද්දනු ලබන එවැනි කටුක හැඟීම් නිසා‍ මෙන්ම අදවන විට බොහෝ කාන්තාවෝ කරදරයන්ට බඳුන්වෙති. ටෙලිනාට්‍යන්ගේ වීර කාන්තා චරිතයන්ට පණපොවන ගැහැනියට සමාජය තුළදී අපමණ කරදරයන්ට ලක්විය හැක . එවැනි අවස්ථාවන්ගේදී ඔවුන්ගේ රංගනයට කළ හැකි දෙයක් නොමැතිව යයි. කෙසේ වෙතත් මාගේ මේ සටහන පුරුෂ ආධිපත්‍යයට පෙරලා පහර දීමක් නොව කාන්තාව කාන්තාවක් ලෙස හික්මවීමෙන් කටයුතු නොකරන කළත් ඔවුන් අනාචාරයේ හැසිරීමට පටන් ගත් කලත් ඔවුන් ඔවුන්ගේ අයිතීන් නැතිකර ගැනීමට නිරායාසයෙන් සිදුකරගෙන ඇත.

ඉන්දීය සමාජය තුළ ටෙලිනාට්‍යයන් බිහිවන්නට වූයේ නිවසේ වූ ගෘහණිය පදනම්කරගෙනය. බොහෝ විට ඉන්දිය කාන්තාව තම ස්වාමියාට යටත් වී ජීවත් වන අතර නිවසේ වැඩ කටයුතු නිසා වෙහෙසට පත් ඇගේ මනසට විවේකයක් ලබාදීමේ අරමුණින් බිහි වූ මෙගා ටෙලිනාට්‍යයන් අද වන විට රැල්ලට අපගේ රට තුළ ව්‍යාප්ත වී හමාරය. මේ නිසා පවුල් සංස්ථාවන්ගෙ අස්ථාවරත්වය ඇතිවේ. මවක, බිරිඳක , දියණියක, මිත්තණියක ලෙස වගකිම් සහිත චරිතයන්ට පණ පෙවූ කාන්තාවන් තමන්ගේ වගකීම් වලින් ලිහිල් වී යන ආකාරයකත් දැකිය හැකිය. මේ නිසාම අස්ථාවර පවුල් බිහිවෙමින් අයාලේ යන පරම්පරාවක් මෙන්ම තමන්ගේ මව පියා සහෝදර සහෝදරියන් කවුද යන්න නිසියාකාරව හඳුනා ගැනීමට නොහැකි වූ තත්ත්වයටම අප සංස්කෘතිය පිරිහි ඇත.

කෙසේ වෙතත් ටෙලි නාට්‍යන්ගේ වූ හුදු කාන්තා චර්යාවන්ගේ ඔබ්බට ගිය ගමන් යථා ජීවිතයේ කාන්තාවට කළ හැකි බව මාගේ මතයයි. තමන්ගේ ජීවිත ටෙලිනාට්‍යන්ගේ වූ චරිත අනුකරණයෙන් තොරව ගොඩ නඟා ගන්නේ නම් සමාජය තුළ කාන්තාවක් ලෙස තවත් කාන්තාවකගේ අසාධාරණය ‍උදෙසා නිර්භයව කතා කරමින් අතහිත දිය හැකි පෞර්ෂමත් කාන්තාවක් ගොඩනඟා ගත යුතුය. එය රඟපෑමකට වඩා සමස්ත සමාජයටම පෙන්වා අනාගත කාන්තා පරපුරටත් කරනා ආයෝජනයකි.

ඩබ්ලිව්. එන්. දිල්රුක්ෂි
නැ‍ඟෙනහිර විශ්වවිද්‍යාලය
ත්‍රිකුණාමල මණ්ඩපය 

නව අදහස දක්වන්න