ගල්ගමුවේ වැව ප්‍රතිසංස්කරණයට රුපියල් කෝටි 19ක් | දිනමිණ

ගල්ගමුවේ වැව ප්‍රතිසංස්කරණයට රුපියල් කෝටි 19ක්

ලබන 2018 වර්ෂය සඳහා ගල්ගමුව ගොවිජන සේවා කලාපයට අයත් වැවු 8ක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යංශයේ ප්‍රතිපාදන මුදලින් රුපියල් 19, 233, 417 ක මුදලක් වෙන් කර තිබේ.

ගල්ගමුව ගොවිජන සේවා කලාපයට අයත් මඩදොඹේ, කුරුන්දන්කුලම, වඩුගම, වෑගෙදර, කැලේගම, පාඩිපංචාව, ගනේදිවුල්වැව හා කෝනවැව යන ප්‍රදේශවල ඇති වැවු අටක් මෙම මුදල් ප්‍රතිපාදන මත ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව ඇත.

ඒ අනුව හුරුක්ගමුවාගම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා 2100000 ක මුදලක්ද, ඉද්දමල්පිටිය වැව ප්‍රතිසංස්කරණය සඳහා රුපියල් 1899865.20 ක මුදලක්ද, වඩුගම වැව ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් 1709000 ක මුදලක්ද වෙන්කර ඇති අතර රුපියල් 3673000 ක මුදල් ප්‍රතිපාදන යටතේ දෙමටෑව වැවත්, රුපියල් 4871945.90 ක මුදල් යටතේ පුපුලවැටිය වැවත්, රුපියල් 1785000 ක මුදල් ප්‍රතිපාදන මත ලියන්නාගම වැවත් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබේ. ඊට අමතරව රුපියල් 1144607 මුදලක් වැය කොට ගනේදිවුල්වැව වැවත්, රුපියල් 2050000 ක මුදලක් වැය කර පහළ කෝන්වැව වැවත් ප්‍රතිසංස්කරණය කිරීමට නියමිතව තිබේ.

ගල්ගමුව ප්‍රදේශයේ ගොවීන්ට මේ වන විට කන්න හතරක්ම පිට පිටම ගොවිතැන් කටයුතු අහිමි වීමත් පවතින වැවු සිදී යාමත් වැනි කාරණා නිසා වගා කටයුතු අවශ්‍ය ජලය රදවා තබා ගැනීමට සුදුසු මට්ටමෙන් මෙම වැවු ප්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත් බවත්, මේ වන විටත් මෙම ප්‍රතිසංස්කරණ කටයුතු අරඹා ඇති බවත් ගල්ගමුව ගොවිජන සේවා කාර්යාලයේ විධායක ලේකම් ඒ. ඒ. ඩී. ඩබ්. එස්. ප්‍රදීප් මහතා කියා සිටියේය. 

ගල්ගමුව සමූහ එම්. එම්. ක්‍රිෂාන්

නව අදහස දක්වන්න