එක්සෙල් - ස්නෝර්වල්ඩ් - 2017 කොළඹ, සිසිලසේ තෝතැන්න | දිනමිණ

එක්සෙල් - ස්නෝර්වල්ඩ් - 2017 කොළඹ, සිසිලසේ තෝතැන්න

නත්තලේ අසිරිය අපූර්ව අත්දැකීමක් ලෙසින් මුළු පවුලටම විඳගැනීමට අවස්ථාවක් සැලසීමට මේ උත්සව සමයේ එක්සෙල් වර්ල්ඩ් නැවතත් සූදානම් වෙයි. උත්සවශ්‍රීයෙන් ඇලළුණු එක්සෙල් වර්ල්ඩ් වෙත මේ නිවාඩුකාලයේ ඔබත් පියනඟන්න. ජනප්‍රිය හිමලෝකය, එක්සෙල් - ස්නෝ වර්ල්ඩ් - 2017 පහළොස්වැනි වරටත් මෙවර ඉදිරිපත් කෙරේ.

2017 දෙසැම්බර් 08 සිකුරාදායින් ඇරඹී 2019 ජනවාරි 01 වැනිදා තෙක් පස්වරු 5 සිට රාත්‍රී 10 දක්වා දිනපතාම ස්නෝ වර්ල්ඩ් විවෘතව තැබේ. මෙවරත් ස්නෝ වර්ල්ඩ් තුලින් විවිධාකාරයේ සහ නවමු අත්දැකීම් රැසක් ඔබ වෙත ගෙන එන අතර ළමයින්ට සහ වැඩිහිටියන්ටත් තෑගි රැසක් පිරිනමනු ලබයි.

එක්සෙල් වර්ල්ඩ් මෙවර උත්සව සමයේ වොයිස් ඔෆ් ඒෂියා සමාගම් ජාලය එනම්, සියත TV, සියත FM, වර්නම් FM සහ රියල් රේඩියෝ සමග එක්ව ප්‍රවර්ධන වැඩසටහන් රැසක්ම ක්‍රියාත්මක කරන අතර එමඟින් රසිකයන්ට සහ අමුත්තන්ට නොමිලේ දීමනා හිමිකරගැනීමට අවස්ථාව උදාවේ.

ළමුන් සඳහා සතුට දනවන පාරාදීසයක් වූ එක්සෙල් වර්ල්ඩ්, මෙවරත් ඔවුන් පුදුමයට පත්කරවන ක්‍රීඩා හා විනෝදාංශ රැසක් සංවිධාන කර තිබේ. සජීවී කාටුන් චරිත, පරිගණක ක්‍රීඩා සහ නත්තල් සීයාගෙන් තෑගිභෝගද ඊට ඇතුලත් වේ. ඉග්ලු නිවස, ළමුන්ට මෙන්ම වැඩිහිටියන් සඳහා වූ නර්තන තරඟ, ළමුන් සඳහා සුවිශේෂී හිම කලාපය සහ හිම මාලිගය මේ වසරේ එක්සෙල් වර්ල්ඩ් - ස්නෝ වර්ල්ඩ් වර්ණවත් කරන අංග අතර වේ.

මේ වසරේද ස්නෝ වර්ල්ඩ් ප්‍රවේශ පත්‍ර සඳහා ළමයින්ට සහ වැඩිහිටියන්ට වෙන් වෙන්ව සහනදායී ගාස්තුවක් පමණක් අය කෙරේ.

සියල්ලන් නොඉවසිල්ලෙන් බලාසිටින එක්සෙල් ස්නෝ වර්ල්ඩ් - 2017 සැබවින්ම පවුලේ අපූර්වතම අත්දැකීමක් වනු නොඅනුමානය. විනෝදාස්වාද, සජීවී සංගීතය සහ විනෝද තරඟ, ශීත සෘතුවේ උත්සවශ්‍රීයෙන් ඇලලෙන, ආලෝකයෙන් සහ අලංකරණයෙන් හැඩගැන්වූ එක්සෙල් වර්ල්ඩ් හිම මැඳුරේහිදී පැවැත්වෙනු ඇත. පසුගිය වසරේදී දෙලක්ෂ හැත්තෑපන්දහස ඉක්මවූ පිරිසක් ස්නෝ වර්ල්ඩ් අත්දැකීම බලාගැනීමට එක්විය.

එක්සෙල් වර්ල්ඩ් වෙත පැමිණෙන රසකාමීන්ට වඩාත් ඉඩ පහසුකම් සහිත අවන්හල් 8කින් සමන්විත ‘ෆුඩ් කෝට්’ හිදී එසැනින් සැදු රසවත් ආහාර වේලක රස බැලිය හැක. ඊට අමතරව උත්සව සමය පුරාම විවිධ වර්ගයේ රසකැවිලි, ක්ෂණික ආහාර සහ බීම වර්ග මිලදී ගතහැකි ආහාර හා බීම අලෙවිසැල් ක්‍රියාත්මක වේ. 

 

නව අදහස දක්වන්න